IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


කැරැලිකරුවන්ට එරෙහිව රසායනික අවි යොදා ගත්තොත් සිරියාවට පහර දෙනවා

සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය, රසායනික අවි යොදා ගනිමින් කැරැලිකරුවන්ට පහරදීමක් කළහොත්, හමුදාව යවා සිරියාවට පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා අනතුරු අඟවයි. ඇමෙරිකා ජනපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (21) ධවල මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. ”සිරියා රජය සතුව රසායනික සහ ජීව විද්‍යාත්මක අවි තිබෙනවා. ඒවා ලෝකයටම තර්ජනයක්. සිරියා රජය ඒවා යොදා ගෙන කැරැලිකරුවන්ට පහර දීමට ඇමෙරිකාව ඉඩ දෙන්නේ නැහැ. අපි සිරියා ජනපතිට අනතුරු අඟවා තිබෙනවා එසේ කිරීමෙන් වළකින ලෙසට” යැයි ඇමෙරිකා ජනපතිවරයා කියා සිටියේය. අසාද්ගේ රජය සතුව රසායනික අවි විශාල ප‍්‍රමාණයක් ඇතැයි ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානය මෙන්ම කැරැලිකාර පාර්ශ්වය ද පවසයි. සිරියා රජය එම අවි යොදා ගනිමින් තමන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ‘නිදහස් සිරියානු’ හමුදාව බිය පළ කර ඇත. සිරියාවට එරෙහි තමන් හමුදා ප‍්‍රහාරයක් එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා තර්ජනය කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි. මේ වනවිටත් ඇමෙරිකා රජයේ අනුදැනුම පරිදි එරට සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් සිරියා කැරැලිකරුවන්ට සහාය ලබා දෙයි. සී.අයි.ඒ. නිලධාරීන් පමණක් නොව බි‍්‍රතාන්‍යයේ එම්.අයි.6 සහ ජර්මන් බුද්ධි අංශ නිලධාරීන්ගේ සහාය ද හිමි වන්නේ කැරැලිකරුවන්ටය. මේ වනවිට කැරැලිකරුවන්ට එරෙහිව ඩමැස්කස් සහ ඇලෙප්පෝ යන නගරවල දරුණු සටන් පවතී. සිරියා රජයේ හමුදා කැරැලිකරුවන්ට පහර දෙන්නේ යුද ටැංකි, ප‍්‍රහාරක හෙලිකොප්ටර් සහ ජෙට් යානා යොදා ගෙනය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියාවේ ගැටුම්වලින් 20,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, සිරියා අර්බුදය විසඳීමට හඳුන්වා දුන් ඔවුන්ගේ සාම සැලැස්ම අසාර්ථක වීමෙන් පසු සිරියාවේ සාම නිරීක්ෂණ කටයුතු නවතා දමා පිටව ගොස් ඇත.



අදහස් (0)

කැරැලිකරුවන්ට එරෙහිව රසායනික අවි යොදා ගත්තොත් සිරියාවට පහර දෙනවා

සමන් Wednesday, 22 August 2012 11:49 PM

ඇමෙරිකාව අනවශ්‍ය ප්‍රශ්න දා ගන්න වගෙයි සැරසෙන්නේ. (නි)

:       0       0

ලංකා Thursday, 23 August 2012 01:15 AM

මුස්ලිම්වරුන් ගැන තීරණයක් ගැනීමට කාලය පැමිණ ඇත. (නි)

:       0       0

සෑම් Wednesday, 22 August 2012 11:11 AM

කොහොම කලත් ගහනවා නේ (දී)

:       0       0

මධු Wednesday, 22 August 2012 06:43 PM

මුසා වදන් සිත පතුලේ - සගවා දෙවියන් හමුවේ.... (නි)

:       0       0

ඩබ්ලිව්. මංගල Wednesday, 22 August 2012 09:00 PM

බොරු අවියක් හරි දාල සිරියාවට ගහන්න. (අ)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 August 2012 10:04 PM

මේ රටට සාමය ඉක්මණනි ලැබේවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 581 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 803 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 340 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site