ඉරානයේ තෙහෙරාන් නුවර බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයට ඉරාන ජාතික කලහකාරීන් පිරිසක් පහර දීමෙන් පසු ඊට විරෝධය පළ කරමින් බි‍්‍රතාන්‍යයෙන් නෙරපා දැමුණු ඉරාන තානාපති කාර්යාල නිලධාරීන් කණ්ඩායම පෙරේදා (3) යළි ඉරානයට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට ඉරාන වැසියන්ගෙන් උණුසුම් පිළි ගැනීමක් ලැබුණි. බි‍්‍රතාන්‍යයේ සිට පැමිණි තානාපති කාර්යාල නිලධාරීන් පිළිගැනීමට දහස් ගණනක් ඉරාන වැසියෝ තෙහෙරාන් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එක් රැස්ව සිටියහ. ඉරාන පුවත් සේවා වාර්තා කළේ තානාපති නිලධාරීන් වීරයන් ලෙස පිළිගැනීමට ඉරාන වැසියන් කටයුතු කළ බවය. කුපිත වූ ඉරාන වැසියන් සිය ගණනක් තෙහෙරාන් නුවර බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයට කඩා වැදී පහර දී අලාභහානී කළේ ඉකුත් සතියේ අඟහරුවාදා, එනම් 29 වැනිදාය. ඊට හේතුවූයේ ඉරානය, හොර රහසේ පරමාණු බෝම්බ නිපදවන බවට බි‍්‍රතාන්‍ය රජය දිගින් දිගටම චෝදනා කිරීමය. එම ප‍්‍රහාරයෙන් පසු තෙහෙරාන් නුවර බි‍්‍රතාන්‍ය තානාපතිවරයා සහ කාර්ය මණ්ඩලය ආපසු කැඳවා ගැනීමටත්, ඉරානය සමඟ රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා නවතා දැමීමටත් බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් තීරණය කළේය. බි‍්‍රතාන්‍යය කළ කි‍්‍රයාව අනුගමනය කරමින් ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ නෙදර්ලන්තය ද ඉරානයේ පිහිටුවා ඇති ඔවුන්ගේ තානාපති කාර්යාල ඉවත් කර ගැනීමට සැරසෙයි. මේ වනවිටත් එම තානාපති කාර්යාල තාවකාලිකව වසා දමා ඇත. මේ අතර ඉරානයේ බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයට කලහකාරීන් පහර දීමේ සිද්ධියත් න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී ඉරානය හොර රහසේ පරමාණු බෝම්බ නිපදවන බවට චෝදනා එල්ල වීමත් මුල්කොට ගෙන ඉරානයට එරෙහිව අලූතින් සම්බාධක පැනැවීමටද යුරෝපා සංගමය තීරණය කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
114
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බි‍්‍රතාන්‍යයෙන් නෙරැපූ ඉරාන තානාපති නිලධාරීන්ට උණුසුම් පිළිගැනීමක්