IMG-LOGO

ෆින්ලන්ත පාසලක වෙඩි තැබීමක්

ෆින්ලන්තයේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් අවුරුදු 12 ක් වයසැති කුඩා දරුවෝ තිදෙනෙක් තුවාල ලැබූහ.

වෙඩි තැබීම සිදුවූයේ ෆින්ලන්තයේ වන්ටා නගරයේ පාසලකය. වෙඩි තැබීම කළේ ද 12 හැවිරිදි දරුවකු බව පැවැසෙයි. වෙඩි තැබීමෙන් පසු එම දරුවා පාසලෙන් පලා ගොස් ඇති අතර, පොලිස් නිලධාරීන් ඔහු අල්ලා ගත්තේ පාසලට නුදුරින් ගංගාවක් අසලිනි.

තුවාල ලැබූ දරුවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු බව පැවැසෙයි. වෙඩි තැබීමත් සමඟ පාසලේ මහා කලබලයක් හටගත් බවත් සිද්ධිය සැලවීමෙන් කම්පනයට පත් දරුවන්ගේ මාපියන් පාසලට එක්රොක් වූ බවත් ෆින්ලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

වෙඩි තැබීම සිදුවූයේ වියෙර්ටෝලා පාසලේය. වෙඩි තැබීම සිදුවෙද්දී පාසලේ සිසුන් 800 දෙනකු සහ ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 90 දෙනකු සිටි බව ද පැවැසෙයි.

ලොව හොඳම අධ්‍යාපන ක්‍රමවේදයක් සහිත රටවලින් ඉදිරියෙන්ම පසුවන්නේ යුරෝපා රාජ්‍යයක් වන ෆින්ලන්තයයි. 2007 සහ 2008 යන වසරවලදී ෆින්ලන්ත පාසල්වල වෙඩි තැබීම් සිදුවිය. ෆින්ලන්තය ගිනි අවි සම්බන්ධයෙන් දැඩි නීතිරීති හඳුන්වා දුන්නේ එම වෙඩි තැබීම්වලින් පසුවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (8)

ෆින්ලන්ත පාසලක වෙඩි තැබීමක්

මිල්ටන් Tuesday, 02 April 2024 03:52 PM

ඉතිං ඔය හොඳම අධ්‍යාපන ක්‍රමේ රෝල් කරලා ගහගන්න දෙන්නකෝ එයාලගේ... එක්කෝ ඕන නෑ.

:       0       1

NIHAL DHARMATILEKE Tuesday, 02 April 2024 03:56 PM

ලෝකේ සතුටින්ම ඉන්න රට ෆින්ලන්තය කියලා කියනවා. නමුත් අවුරුදු දොළහේ ළමයි වෙඩි තියනවා නම් ආරක්ෂාව කොහේද?

:       4       27

sumathi kannangara Tuesday, 02 April 2024 04:42 PM

ලොව ප්‍රීතිමත්ම ජනතාව ජීවත්වෙන රටලූ.

:       5       22

නිලන්ත Tuesday, 02 April 2024 06:33 PM

හරිනේ වෙඩිතැබූ කොලුවා වෙඩිතබා උපරිමයෙන් ප්‍රීතිමත්ව සතුටත් ලබන්න ඇති...

:       0       0

gunda Tuesday, 02 April 2024 07:15 PM

ඉස්කෝලෙ යන ළමයිනුත් වෙඩිතබාගන්නවා නම් එම රටේ මොන ප්‍රීතිමත් භාවයක්ද තියෙන්නේ...? 

:       0       0

විමල් Tuesday, 02 April 2024 09:19 PM

"පින්ලන්තයට එහෙම නම් අපට මෙහෙම වුනේ ඇයි?" යන වැඩි ඈතක නොවන 2024.03. 22 වැනි සිකුරාදා ලංකාදීප කතු වැකිය පදනම් වූ, සටහන සමඟ සහසම්බන්ධ කරගෙනම යමක් ලියන්නට සිතුවෙමි. සංඛ්‍යා ලේඛන දත්ත එහෙම් පිටින්ම ගෙන සමස්ථ අරුත ගෙනහැර දැක්වීමේදී ඇති නිවැරැදි භාවයේ අපගමනය මෙවැනි සිදුවීම් හරහා මොනවට පෙන්නුම් කරන බවයි. කොතරම් සතුටින් සිටින රටේ වුණත්, අසතුටින් ඉන්න අය ඉන්න හැකියි. ඒ වගේම ලංකාව වැනි බොහෝ අසතුටින් සිටින රටක වුණත් සතුටින් ඉන්න අය සිටිය හැකි බවයි. සංස්කෘතික ගති ලක්‍ෂණ අනුව ගත් කළ, සතුටුවීම යන්න අනුන්ට හිංසා පීඩා කර ලැබීමක් ලෙස වරදවා භාවිතා කරනවා වෙන්නත් හැකියි. ෆින්ලන්තය ලෝකයේ 8වැනි වගේ තැනක් තමයි, සිවිල් පුරවැසියන්ට ඇති අවි ගණන බැලූවිට, එය 32ක් පමණ වැසියන් 100 කට. වැඩිම රට වන ඇමරිකාවේ එය 120ක්. තවද ෆින්ලන්තයේ ජනතාවගෙන් 31% පමණ ඉහළ අගයක් නිරාගමිකයි (non- religion). මේ වාගේ සමාජීය කරුණුවලින් සෘජු සම්බන්ධයක් තිබෙන්නත් හැකියි... නොතිබෙන්නත් හැකියි. ස්තුතියි...!

:       0       0

Lasantha Wednesday, 03 April 2024 08:22 AM

ලොව සතුටින් මිනිසුන් සිටිනා රටේ මිනිසුන් ගැන සතුට මේක වෙන්න ඇති

:       0       2

Nihal Wednesday, 03 April 2024 09:01 AM

ලෝකේ වැඩියෙන්ම සියදිවි හානිකරගන්න රටත් ඔකමයි,පසුගිය කාලයක නෝර්වේ දී ලමයි 65 ක් වෙඩි තියලා මැරුවා මතකයි, බටහිර වර්ණ භේදය ඉහවහ නිසා උඹලා මේහේ එන්න එපා කියන්නේ ඒකයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 439 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site