
ෆින්ලන්තයේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් අවුරුදු 12 ක් වයසැති කුඩා දරුවෝ තිදෙනෙක් තුවාල ලැබූහ.
වෙඩි තැබීම සිදුවූයේ ෆින්ලන්තයේ වන්ටා නගරයේ පාසලකය. වෙඩි තැබීම කළේ ද 12 හැවිරිදි දරුවකු බව පැවැසෙයි. වෙඩි තැබීමෙන් පසු එම දරුවා පාසලෙන් පලා ගොස් ඇති අතර, පොලිස් නිලධාරීන් ඔහු අල්ලා ගත්තේ පාසලට නුදුරින් ගංගාවක් අසලිනි.
තුවාල ලැබූ දරුවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු බව පැවැසෙයි. වෙඩි තැබීමත් සමඟ පාසලේ මහා කලබලයක් හටගත් බවත් සිද්ධිය සැලවීමෙන් කම්පනයට පත් දරුවන්ගේ මාපියන් පාසලට එක්රොක් වූ බවත් ෆින්ලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.
වෙඩි තැබීම සිදුවූයේ වියෙර්ටෝලා පාසලේය. වෙඩි තැබීම සිදුවෙද්දී පාසලේ සිසුන් 800 දෙනකු සහ ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 90 දෙනකු සිටි බව ද පැවැසෙයි.
ලොව හොඳම අධ්‍යාපන ක්‍රමවේදයක් සහිත රටවලින් ඉදිරියෙන්ම පසුවන්නේ යුරෝපා රාජ්‍යයක් වන ෆින්ලන්තයයි. 2007 සහ 2008 යන වසරවලදී ෆින්ලන්ත පාසල්වල වෙඩි තැබීම් සිදුවිය. ෆින්ලන්තය ගිනි අවි සම්බන්ධයෙන් දැඩි නීතිරීති හඳුන්වා දුන්නේ එම වෙඩි තැබීම්වලින් පසුවය.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං ඔය හොඳම අධ්‍යාපන ක්‍රමේ රෝල් කරලා ගහගන්න දෙන්නකෝ එයාලගේ... එක්කෝ ඕන නෑ.
ලෝකේ සතුටින්ම ඉන්න රට ෆින්ලන්තය කියලා කියනවා. නමුත් අවුරුදු දොළහේ ළමයි වෙඩි තියනවා නම් ආරක්ෂාව කොහේද?
ලොව ප්‍රීතිමත්ම ජනතාව ජීවත්වෙන රටලූ.
ඉස්කෝලෙ යන ළමයිනුත් වෙඩිතබාගන්නවා නම් එම රටේ මොන ප්‍රීතිමත් භාවයක්ද තියෙන්නේ...?
"පින්ලන්තයට එහෙම නම් අපට මෙහෙම වුනේ ඇයි?" යන වැඩි ඈතක නොවන 2024.03. 22 වැනි සිකුරාදා ලංකාදීප කතු වැකිය පදනම් වූ, සටහන සමඟ සහසම්බන්ධ කරගෙනම යමක් ලියන්නට සිතුවෙමි. සංඛ්‍යා ලේඛන දත්ත එහෙම් පිටින්ම ගෙන සමස්ථ අරුත ගෙනහැර දැක්වීමේදී ඇති නිවැරැදි භාවයේ අපගමනය මෙවැනි සිදුවීම් හරහා මොනවට පෙන්නුම් කරන බවයි. කොතරම් සතුටින් සිටින රටේ වුණත්, අසතුටින් ඉන්න අය ඉන්න හැකියි. ඒ වගේම ලංකාව වැනි බොහෝ අසතුටින් සිටින රටක වුණත් සතුටින් ඉන්න අය සිටිය හැකි බවයි. සංස්කෘතික ගති ලක්‍ෂණ අනුව ගත් කළ, සතුටුවීම යන්න අනුන්ට හිංසා පීඩා කර ලැබීමක් ලෙස වරදවා භාවිතා කරනවා වෙන්නත් හැකියි. ෆින්ලන්තය ලෝකයේ 8වැනි වගේ තැනක් තමයි, සිවිල් පුරවැසියන්ට ඇති අවි ගණන බැලූවිට, එය 32ක් පමණ වැසියන් 100 කට. වැඩිම රට වන ඇමරිකාවේ එය 120ක්. තවද ෆින්ලන්තයේ ජනතාවගෙන් 31% පමණ ඉහළ අගයක් නිරාගමිකයි (non- religion). මේ වාගේ සමාජීය කරුණුවලින් සෘජු සම්බන්ධයක් තිබෙන්නත් හැකියි... නොතිබෙන්නත් හැකියි. ස්තුතියි...!
ලොව සතුටින් මිනිසුන් සිටිනා රටේ මිනිසුන් ගැන සතුට මේක වෙන්න ඇති
ලෝකේ වැඩියෙන්ම සියදිවි හානිකරගන්න රටත් ඔකමයි,පසුගිය කාලයක නෝර්වේ දී ලමයි 65 ක් වෙඩි තියලා මැරුවා මතකයි, බටහිර වර්ණ භේදය ඉහවහ නිසා උඹලා මේහේ එන්න එපා කියන්නේ ඒකයි