අප්‍රිකාවට අයත් ඝානා රාජයේ ආරක්ෂක අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා ඇතුළු තවත් රාජ්‍ය නිලධාරීහු අට දෙනෙක් හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූහ.
ඝානා ජනාධිපති ජෝන් මහමාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ජුලියස් දෙබ්රා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ, ආරක්ෂක අමාත්‍ය එඩ්වඩ් ඔමානේ බෝමා, පරිසර අමාත්‍ය ඊබ්‍රාහිම් මුර්තලා මුහම්මද් ඇතුළු අට දෙනකු හෙලිකොප්ටරයේ සිටි බවත්, අනතුරින් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වුණු බවත්ය.
මියගිය සෙසු පිරිස අතරේ, හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයකු මෙන්ම නියෝජ්‍ය ජාතික ආරක්ෂක සම්බන්ධීකාරකවරයකු ලෙස ද කටයුතු කළ අල්හාජි මොහොමඩ් මුනිරු ලිමුනා මෙන්ම, ජනාධිපති මහමාගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රස් පක්ෂයේ උප සභාපති සැමුවෙල් සාර්පොං ද සිටින බව පැවැසෙයි.
හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇත්තේ අශාන්ති කලාපයේය. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. අනතුර සැලවීමෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව, ජනාධිපති ජෝන් මහමා සොව පළ කර ඇත. හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ද වාර්තා වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හෙලිකොප්ටර් අනතුරක්: ඝානා ආරක්ෂක ඇමති පරිසර ඇමති මරුට