
සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඝාතනය කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක වන බව ඇමෙරිකාවේ ‘පොලිටිකෝ’ වෙබ් පුවත් සේවය වාර්තා කරයි.
‘පොලිටිකෝ’ වෙබ් පුවත් සේවය මේ බව වාර්තා කළේ ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමිණි. සුන්නි මුස්ලිම් සෞදිය සහ යුදෙව් ඊශ්‍රායලය අතරේ යහපත් සබඳතා පවතී.
යහපත් සබඳතා ආරම්භ වූයේ සල්මාන් කුමරුන්ගේ මැදිහත් වීමෙනි. මෙය කලාපීය අසල්වැසි මුස්ලිම් රටවල විරෝධයට හේතුවක් වී ඇති අතර, සෞදි කුමරුන්ට මරණ තර්ජන එල්ල වී ඇත්තේ ද මේ නිසාය.
(ප්‍රෙස්ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd