ඕනෑම මොහොතක, අවශ්‍ය වුවහොත්, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කරයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අපේක්ෂාවෙන්, රුසියන් සහ යුක්රේන නියෝජිතයෝ සෞදියේ රියාද් අගනුවරදී හමුවී සාකච්ඡා ආරම්භ කර ඇත. ඊට සමගාමීව රුසියන් සහ ඇමෙරිකන් නියෝජතයන් දෙරටේ සබඳතා සහ යුරෝපයේ සෙසු අර්බුද ගැන ද සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.
රුසියන් ජනාධිපති පුටින් මීට පෙර පවසා තිබුණේ තමන් රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක සෙලෙන්ස්කී හමුවී සාකච්ඡා නොකරන බවය. කෙසේ නමුත්, මේ වනවිට පුටින් සිය තීරණය වෙනස් කර ඇති බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සෙලෙන්ස්කී හමුවන්න කැමතියි - පුටින්
Janii Wednesday, 19 February 2025 09:15 AM
පුටින් වැඩ්ඩා වගේ යුද්දෙ පටන්ගත්තට හිතුවේ වත් නැති විදියට මිනිහා කොර වුණා.