
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හැර, යුක්රේන රජයේ ඕනෑම කෙනකු සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර ඇත.
සාකච්ඡා සඳහා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහභාගී වන්නේ නම්, තමන් ඊට සහභාගී නොවන බවත්, ඒ වෙනුවෙන් තමන් තම රජයේ නියෝජිතයකු යොදවන බවත් රුසියන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
රුසියන් ජනාධිපති පුටින් පැහැදිලි කර ඇත්තේ, සෙලෙන්ස්කී, යුක්රේනයේ නීත්යාදණුකූල ජනාධිපතිවරයා නොවන බවය. රුසියන් යුක්රේන යුද්ධයට වසර තුනක් ගතවී ඇති අතර, මේවනවිට යුක්රේනයේ යුද නීතිය ක්‍රියාත්මක වෙයි.
යුද්ධය අතරතුරේ සහ යුද නීතිය රටේ පවතින අතරතුරේ සෙලෙස්කීගේ ධුර කාලය ද අවසන් විය. යුද්ධය සහ යුද නීතිය හේතුවෙන ජනාධිපතිවරණයක් පැවැත් වූයේ ද නැත. සෙලෙන්ස්කීගේ ධුර කාලය මේ වනවිට අවසන් වී ඇති අතර, පුටින් ට අනුව, සෙලෙන්ස්කී යුක්රේනයේ නීත්‍යාණුකූල නොවන ජනාධිපතිවරයාය.
ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කරන බව පවසමිනි. යුද්ධය අවසන් කරන්නැයි පුටින්, ප්‍රසිද්ධියේ යුක්රේනයටත් රුසියාවටත් දැනුම් දී ඇත.
ට්‍රම්ප්ට කන්දීමට තමන් සූදානම් බව පුටින් ද පවසා ඇත. එසේ වුවත් විදෙස් මාධ්‍ය පවසන්නේ ට්‍රම්ප් හෝ ට්‍රම්ප් පරිපාලනයේ කිසිවකු හෝ රුසියන් ජනාධිපති පුටින් සමඟ මේ සම්බන්ධයෙටන් සෘජුව සාකච්ඡා කර නැති බවය.
රුසියන් ජනාධිපති පුටින් වැඩි දුරටත් පවසා ඇත්තේ, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුක්රේනයට හමුදා ආධාර ලබා දීම වහා නවත්වන්නේ නම්, මාස දෙකකින් පමණ යුක්රේනය අසරණ වී, රුසියන් යුක්රේන යුද්ධය ද අවසන් වනු ඇති බවය.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1317
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සෙලෙන්ස්කී එක්ක සාකච්ඡා බෑ - පුටින්