
උතුරු සිරියාවේ, මන්ජිබ් නගරයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 25 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ ගණන 15 ක් බව පැවැසෙයි.
ඉකුත් දෙසැම්බර් මාසයේ, බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවේ බෝම්බ පිපිරීමක් සිදුවුණු පළමු අවස්ථාව මෙයයි.
මන්ජිබ් නගරය කේන්ද්‍රකොට ගනිමින් ගැටුම් පවතින්නේ සිරියානු කුර්දි සටන්කාමීන් සහ තුර්කි හමුදා අතරේය.
තුර්කිය, සිරියාවේ අසල්වැසියා වන අතර සිරියානු සන්නද්ධ කණ්ඩායම්වලට මෙන්ම එරට විපක්ෂයට අසාද් පාලනය පෙරළා දමා බලය අත්පත් කර ගැනීමට සහාය ලබා දුන්නේ තුර්කියයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.