
ගාසා තීරය වෙනුවෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සකස් කළ සාම සැලැස්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර, ඊට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිත්‍ය සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විතය. එම සාමාජිකයන් වන්නේ ඇමෙරිකාව, රුසියාව, චීනය, මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම සැලැස්ම ආරක්ෂක මණ්ඩලයට යොමු කෙරුණු අවස්ථාවේදී චීනය සහ රුසියාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එසේ වුවත්, සාම සැලැස්මට අදාළ යෝජනාවට 13-0 ලෙස ඡන්දයකින් සම්මත විය.
ට්‍රම්ප්, ඊජිප්තුව, තුර්කිය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ සෞදිය ද හවුල් කර ගනිමින් ගාසා තීරය සඳහා මෙම සාම සැලැස්ම සකස් කර ඇත. මේ වනවිට හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ සටන් විරාමයක් පවතින්නේ ද මෙම සාම සැලැස්ම නිසාය.
ට්‍රම්ප් මෙම සාම සැලැස්ම සකස් කර ඇත්තේ ගාසා තීරයේ හමාස් සංවිධානය නිරායුධ විය යුතු බවත්, ඔවුන්ට පොදු සමාවක් ලැබෙන බවත් පවසමිනි. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විතය.
ට්‍රම්ප් සිය සාම සැලැස්මෙන් යෝජනා කර ඇත්තේ විදෙස් හමුදා ඒකාබද්ධ බලඇණියක් ගාසා තීරයේ ආරක්ෂාවට යෙදවිය යුතු බවය. මෙම යෝජනා කිසිවකට පලස්තීන හමාස් සංවිධානය කැමැත්ත පළ කර නැත. හමාස් සංවිධානය විරුද්ධ වුවත්, ට්‍රම්ප්ගේ මෙම සාම සැලැස්මට ඊශ්‍රායලයේ පූර්ණ අනුමැතිය හිමිවෙයි.
සාම සැලැස්මට ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් සතුට පළ කරමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා නියෝජිත මයික් වෝල්ට්ස් කියා සිටියේ, ඊශ්‍රායල සහ පලස්තීනුවන් මෙන්ම කලාපයේ සියලුම ජනතාව සඳහා මැද පෙරදිග නව මාවතක් සනිටුහන් වුණු බවය.
2025 නොවැම්බර් මස 17
104
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
944
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2549
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සාම සැලැස්මට ආරක්ෂක කවුන්සිලයේ අනුමැතිය