පසුගිය සෙනසුරාදා (30) තුර්කියේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි කුඩා දැරියක පණපිටින් බේරාගැනීමට සමත් වී තිබේ.
තුන් හැවිරිදි මෙම දැරිය බේරාගෙන ඇත්තේ භූ කම්පනය සිදුවීමෙන් පැය 65 කට පමණ පසුවය.
බේරාගන්නා අවස්ථාවේ දැරිය විජලන තත්ත්වයකින් පසුවූ නමුත් බරපතල තුවාල නොතිබුණු බව ඇය මුදවාගත් කණ්ඩායම පවසයි.
රෝහලට ගෙනයන අවස්ථාවේ ඇය ස්වේච්ඡා සේවකයාගේ අතේ මහපට ඇඟිල්ලේ එල්ලී සිටි බව මාධ්‍ය වාර්තාකර ඇත.
ඒජියන් මුහුදේ සිදුවූ එම භූ කම්පනය හේතුවෙන් තුර්කියේ හා ග්‍රීසියේ 85 දෙනකු මියගොස් ඇතැයි මේ වනවිට තහවුරුකර තිබේ.
තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව බලධාරීහු පවසති.
බීබීසී ඇසුරිණි
085
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සුන්බුන් අතර සිරවී සිටි දැරියක් දින තුනකට පසු බේරාගනී