
ගාසා තීරයේ ගැටුම් නිමා කිරීම සහ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සටන් විරාම සාකච්ඡා ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ විය.
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ මැදිහත් වීමෙන් මෙම සාකච්ඡා පැවැත්වෙයි. සාකච්ඡා ඵලදායී වනු ඇතැයි තම විශ්වාසය යැයි ප්‍රංශ ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
කටාරය, ඇමෙරිකාව සහ ඊජිප්තුව ද ඊට සම්බන්ධ වී සිටී. ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානී අබ්බාස් කමෙල් සහ හමාස් නායක ඉස්මයිල් හනියේ අතරේ ද සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd