
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, තමන් සමඟ සාකච්ඡා පැවැත්වීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අකමැත්ත පළ කරන්නේ, ඔහු තමන්ට දක්වන බිය නිසා යැයි යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.
තමන් ශක්තිමත් නායකයකු බවත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් තමන්ට සහාය දක්වන බවත්, පුටින් තමන්ට බයක් දක්වන්නේ ඒ නිසා බවත් සෙලෙන්ස්කී අවධාරණය කර තිබේ.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මේ බව අවධාරණය කර ඇත්තේ, ඔහුගේ ‘එක්ස්’ ගිණුම ඔස්සේ ප්‍රකාශයක් සටහන් කරමිණි.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ බටහිර හිතවාදී සෙලෙන්ස්කී, යුක්රේනය නේටෝ හවුලේ සාමාජිකයකු කිරීමට උත්සහ ගන්නා බැවිනි.
නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එක් වී, රුසියාවෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. රුසියාවේ අසල්වැසියකු වන්නේ යුක්රේනයයි. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවීම රුසියාවේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයකි. රුසියන් ජනාධිපති පුටින්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ මේ නිසාය.
නේටෝ සාමාජිකයකු නොවුණත් ඇමෙරිකාව ඇතුළු නේටෝ සාමාජික බටහිර රටවල් බොහොමයක්, යුක්රේනයට මූල්‍ය වශයෙන් මෙන්ම ආයුධවලින් ද සහාය ලබා දෙයි. යුක්රේන හමුදා රුසියාවට පහර දෙන්නේ, ඇමෙරිකාවෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් ලැබුණු දිගු දුර මිසයිලවලිනි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
809
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සාකච්ඡා කරන්න රුසියන් ජනපති පුටින් බයයි