IMG-LOGO

වියානා නුවර ප්‍රහාරයෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළට

ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ඊයේ (3) රාත්‍රියේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන හතරක් දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රහාරයෙන් 15 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ යැයි ද වාර්තා වේ.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ ‘‘ඉස්ලාමීය ත්‍රස්තවාදියකු’’ බවත් ප්‍රහාරය සඳහා කිහිපදෙනකු පැමිණ ඇතැයි විශ්වාස කරන බවත් ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර අමාත්‍ය කාල් නේහැමර් පැවැසීය.

මෙම ප්‍රහාරය යුදෙව් ජාතිකයන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරයක් ද යන්න තවමත් තහවුරු වී නොමැති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ වී ඇතැයි ඔස්ට්‍රියානු බලධාරීහු කීහ.
දැඩි මතධාරී පුද්ගලයකු මෙම ප්‍රහාර එල්ල කර ඇතැයි ද අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කාල් නේහැමර් කීය.

තවමත් එක් තුවක්කරුවකු සොයා මෙහෙයුම් දියත් කරන බව කී අමාත්‍යවරයා ජනතාවට තමන් සිටින ස්ථානවලටම වී සිටින්නැයි ද අවධාරණය කළේය. ප්‍රහාරකයන් ආයුධ සන්නද්ධ ව ඇතැයි ද හෙතෙම අනතුරු ඇඟවීය.

ඔස්ට්‍රියාවේ වේලාවෙන් රාත්‍රී 8 පමණ වෙඩි තැබීම ආරම්භ වී තිබෙන අතර අලුයම 1 වන තුරුත් එක් ප්‍රහාරකයකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක විය.ප්‍රහාරයෙන් තුවාල ලැබූ හත්දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි වියානා නගරාධිපති මයිකල් ලුඩ්විග් පැවැසීය.තුවාල ලැබූ ගණන මෙන්ම මරණ ගණන වැඩි විය හැකි යැයි ද ඔස්ට්‍රියා බලධාරීහු කීහ.

පොලීසය කළ වෙඩි තැබීමකින් එක් තුවක්කුකරුවකු මියගිය බව පොලිසිය සඳහන් කළේය. ඔහු අත තිබී රයිෆලයක්, පිස්තෝල සහ පුපුරණ ද්‍රව්‍ය මෙන්ම පුපුරණ ද්‍රව්‍ය සහිත ඇඳුම් කට්ටලයක් ද තිබූ බව පොලිසිය සඳහන් කළේය. කෙසේ නමුත් පුපුරණ ද්‍රව්‍ය සහිත ඇඳුම් කට්ටලය ව්‍යාජ එකක් බව පොලිසිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පසුව සඳහන් කළේය.

වියානා නුවර ස්ථාන හයකදී වෙඩි තැබීම් සිදුව ඇතැයි ඔස්ට්‍රියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ප්‍රහාරය ඉතා හොඳින් සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාරයක් යැයි මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කර්ස් පැවැසීය.

පොලිසිය ප්‍රහාරයකයගේ නිවස ද පරීක්ෂණ කර තිබූ අතර සමාජ මාධ්‍ය හරහා ප්‍රහාරයේ විඩියෝ සහ ඡායාරූප ප්‍රසිද්ධ නොකරන්නැයි ද ඉල්ලීමක් කර තිබිණි. කෙසේ නමුත් විඩියෝ 20,000ක් පමණ තිබූ බව වාර්තා විය.වියානා නුවරට පැමිණීමෙන් වළකින්නැයි ද පොලිසිය ජනතාවගේ ඉල්ලීමක් කර තිබිණි.

ඒ.එෆ්.පී./රොයිටර්

055 



අදහස් (0)

වියානා නුවර ප්‍රහාරයෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site