
තම රටේ සෑම පුරවැසියකුටම ඩොන්ග් ලක්ෂයක (ශ්‍රී ලංකා රුපියල් 1150ක් පමණ) මුදල් තෑග්ගක් ලබාදීමට වියට්නාම රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙම ත්‍යාගය හිමිවනු ඇත්තේ, සැප්තැම්බර් 2 වැනිදාට යෙදෙන වියට්නාම ජාතික දිනය සහ එරට අගෝස්තු විප්ලවයේ 80 වැනි සංවත්සරය වෙනුවෙනි.
මෙය ඓතිහාසික අවස්ථාවක් බවත්, රටේ නීතියට අනුව යමින්, වියට්නාම් පුරවැසියන්ට මුදල් තෑග්ග ලබා දීමට කටයුතු සම්බාදනය කරන බවත් වියට්නාම අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත.
අග්‍රාමාත්‍යවරයාගේ මෙම මුදල් ත්‍යාග යෝජනාව, ප්‍රතිපත්ති මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය බැංකුව, මහජන ආරක්ෂක අමාතයාංශය, මධ්‍යම නාගරික සහ පළාත් ජනතා කමිටුව යන පාර්ශ්ව සම්බන්ධීකරණයෙන් ජනතාට බෙදා දීම සිදුවනු ඇතැයි ද පැවැසෙයි.
වියට්නාමයේ ජනගහනය මිලියන 101කි. ඒ අනුව, වියට්නාම රජයට මේ සඳහා ඩොන්ග් ට්‍රිලියන 10ක් වෙන්කිරීමට සිදුව ඇත.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වියට්නාම් පුරවැසියන්ට රජයෙන් තෑග්ගක්