
ඇමෙරිකාවේ පැරණිතම මෙන්ම, ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් ලෙස සැලකෙන හාවඩ් විශ්ව විද්‍යාලයට විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඒ අනුව, හාවඩ් විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය ලබන දහස් ගණන් විදෙස් සිසුන් වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු විය යුතු බවත්, එසේ නොහැකි නම් ඔවුන් ඇමෙරිකාවෙන් පිටවී යා යුතු බවත් ජනාධිපති ට්‍රම්ප් උපදෙස් දී ඇතැයි ද පැවැසෙයි.
හාවඩ් විශ්ව විද්‍යාලය තුළ ඇමෙරිකන් විරෝධී කටයුතු සිදුවන බවත්, විශ්ව විද්‍යාල සිසුන් ඊට යොමු වී සිටින බවත් පෙන්වා දෙමින්, ජනපති ට්‍රම්ප් මෙම තීරණය ගත් බව, ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ පලස්තීනුවන් අමුඅමුවේ ඝාතනය කරනවා යැයි යුදෙව් ඊශ්‍රායලයට එරෙහිව, ඇමෙරිකාවේ විරෝධතා පවත්වන මුස්ලිම් සිසුන් බොහෝ දෙනකු නියෝජනය කරන්නේ හාවඩ් විශ්ව විද්‍යාලයයි.
මෙම මුස්ලිම් සිසුන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ලබන යුදෙව් සිසුන්ට පහර දෙන බවට ද චෝදනා එල්ල වී ඇත. හාවඩ් විශ්ව විද්‍යාලයේ නීතිය හා සාමය කඩ වී අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇතැයි ද ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා ඇත.
ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් සහ අමෙරිකාවේ පැරණිතම විශ්වවිද්‍යාලයක් වන හාවඩ් හි විද්‍යාර්ථියන් 20,000 කට වැඩි පිරිසක් අධ්‍යන කටයුතුවල නියැලෙන අතර, ඒ අතර, රටවල් 100කට වැඩි ගණනක් නියෝජනය කරන විදෙස් විද්‍යාර්ථියෝ 6,800 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යන කටයුතුවල නියැලෙති.
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
462
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවයි