IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලෝකයේ ජීවත්වීමට සුදුසුම නගරය

ලොව ජීවත් වීමට සුදුසුම නගරය ඕස්ට්‍රියාවේ වියානා නගරය යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ  ඇමෙරිකාවේ ‘ඉකොනොමින්ස්ට්’ ආර්ථික විද්‍යා සගරාව මැදිඑත් වී සිදු කළ සමීක්ෂණ වාර්තා අනුවය.

‘ඉකොනොමින්ස්ට්’ සඟරාව සෑම වසරකම, ලොව ජීවත් වීමට සුදුසුම නගරය ප්‍රකාශයට පත් කරයි. ඒ, ජනමත සමීක්ෂණ අනුවය. ඒ අනුව මෙම 2022 වසරේ ජීවත් වීමට සුදුසුම නගරය ලෙස ‘ඉකොනොමිස්ට්’ සඟරාව තෝරා ඇත්තේ වියානා නුවරය.

රුසියන් ආක්‍රමණය හේතුවෙන්, යුක්රේනයේ කීව් අගනුවර මෙම ජනමත සමීක්ෂණයට මෙවර ඇතුළත් නොවිණි. බටහිර රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් එරට මොස්කව් අගනුවර සහ ශාන්ත පීටර්ස්බර්ග් නුවර ද ලැයිස්තුවේ පහළ අගයක් ගෙන ඇතැයි පැවැසෙයි.

මීට පෙර ලොව ජීවත් වීමට සුදුසුම නගරය ලෙස ‘ඉකොනොමින්ස්ට්’ සඟරාව නම් කර තිබුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ්ය. කෙසේ නමුත් මේ වසරේ වියානා නුවරට ඕක්ලන්ඩ් නුවර අභිබවා යෑමට හැකි විය.

‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් පැනැවූ තහංචි හේතුවෙන් ඕක්ලන්ඩ් නුවර මෙවර 34 වැනි ස්ථානයට පත් වී තිබේ. 2018 සහ 2019 වසරවලදී  ද ලොව ජීවත් වීමට සුදුසුම නගරය වූයේ වියානාය. කෙසේ නමුත් 2021 දී එය වෙනස් වූයේ වියානා නගරය 12 වැනි ස්ථානයට පත් වෙමිනි.

(රොයිටර්)



අදහස් (0)

ලෝකයේ ජීවත්වීමට සුදුසුම නගරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 104 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site