
ලෙබනන් ජනාධිපති ජෝසප් එයොන්, එරට නව අග්‍රාමාත්‍ය ලෙස නවාස් සලාම් නම් කළ අතර, ලෙබනන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සලාම්ට හිමි වී ඇතැයි පැවැසෙයි.
ලෙබනන් පාර්ලිමේන්තුවේ සාමාජිකයන් ගණක 128 කි. එම සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකක් 71 හැවිරිදි නවාස් සලාම්ට කැමැත්ත පළ කර ඇත.
නවාස් සලාම්, හේග් නුවර කේන්ද්‍රකොට ගත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපතිවරයාය. නවාස් සලාම්, ලෙබනන් අග්‍රාමාත්‍ය ධුරයට නම් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සතුට පළ කර ඇත. වසර ගණනක් ඔඩුදුවන ලෙබනන් දේශපාලන අර්බුදය විසඳීමට සලාම්ට හැකිව්වි යැයි තමන් විශ්වාස කරන බව ලෙබනන් ජනාධිපති ජෝසප් එයොන් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd