IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ලොව පළමු කෘත්‍රිම බුද්ධි ඇමැති

ලොව පළමු කෘත්‍රිම බුද්ධි (AI) අමාත්‍යවරිය ලොවට හඳුන්වා දීමට ඇල්බේනියාව සමත්විය. ඇල්බේනියාව නිල වශයෙන් හැදින්වෙන්නේ ඇල්බේනියා ජනරජය යනුවෙනි. මෙය දකුණු-නැගෙනහිර යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි රාජ්‍යයකි.

ඇල්බේනියා රජය මෙම කෘත්‍රිම බුද්ධි (AI) අමාත්‍යවරිය හදුන්වා දී ඇත්තේ, රටේ දූෂණයට එරෙහිව තීන්දු තීරන ගත හැකි අමාත්‍යවරියක ලෙසය. මැය නම් කර ඇත්තේ, ඩියෙල්ලා (Diella) යනුවෙනි. ඩියෙල්ලා යනු ඇල්බේනියානු බසින් හිරු යන්නය.

ඩියෙල්ලා AI පද්ධතියයි. සැබෑ තැනැත්තියක නොවෙයි. මැය නිර්මාණය කර ඇත්තේ සාමාන්‍ය ඇල්බේනියානු කාන්තාවක ලෙසය. ඇය සැරසී සිටින්නේ ඇල්බේනියානු කාන්තාවන් අඳින ඇඳුම්ය. වීඩියෝ තිර හරහා ඩියෙල්ලා ජීවමාන වෙයි. ඇයට තනිවම තීන්දුතීරණ ගැනීමේ හැකියාව පමණක් නොව, ඩිජිටල් තිරය හරහා ඇයගෙන් ප්‍රශ්න කිරීම් පවා කළ හැකිය.

රටේ අල්ලස් සහ දුෂණය මැඩලීම සහ මුදල් වියදම් කිරීමේදී විනිවිධභාවය වැඩි කිරීම සොයා බලයි. ඩියෙල්ලා AI පද්ධතිය රජයේ කොන්ත්‍රාත්තු සහ මහජන ටෙන්ඩර්වලදී සිදුවන දුෂණය සියයට 100 ක් අවම කිරීමේත් අරමුණින් නිර්මාණය කර ඇත.

ඇල්බේනියාවේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන්නේ එඩී රාමාය. රඩී රාමා නියෝජනය කරන්නේ සමාජවාදී පක්ෂයයි. මෙම පක්ෂය මෙම වසරේ ජනවාරියේ පැවැති මහ මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක් ලැබීය. 2025 ජනවාරියේදී මහ මැතිවරණයට සමගාමීව, සමාජවාදී පක්ෂය 'e-Albania' ඩිජිටල් සේවයක් ආරම්භ කළේය. ඩියෙල්ලා (Diella) පළමුවෙන් මෙම සේවය හරහා ජනතාව අතරට ගියාය. ඒ සේවා සපයන්නියක් ලෙසටය. රටවැසියන්ට අවශ්‍ය රජයේ සේවා සම්බන්ධයෙන් ඕනෑම දෙයක් ඩියෙල්ලා සමඟ කතාබහ කර දැනගත හැකි විය.

පසුගිය දා අග්‍රාමාත්‍ය එඩී රාමාගේ සංකල්පයකට අනුව, ඩියෙල්ලා, ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට එක් කර ගැණුනි. ඒ අනුව ඇය ලොව පළමු වැනි කෘත්‍රිම බුද්ධි අමාත්‍යවරියයි.

ඇල්බේනියාව යුරෝපා සංගමයට (EU) එක්වීමට උත්සාහ කරයි. එබැවින් රටේ දුෂණය පිටුදැකීමට අග්‍රාමාත්‍ය එඩී රාමාගේ රජය දැඩි වෙහෙසක් ගනිමින් සිටී. මෙම කෘත්‍රිම බුද්ධි අමාත්‍යවරිය, රජය ගන්නා ඉලක්කය සපුරා ගැනීමට හේතුවක් වනු ඇත.



අදහස් (0)

ලොව පළමු කෘත්‍රිම බුද්ධි ඇමැති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 372 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site