IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


ලොව කුඩාම රාජ්‍යය යළිත් මාධ්‍ය අවධානයට

ලොව කුඩාම රාජ්‍යය ස්ථාපිත කළ 20 හැවිරිදි ඕස්ට්‍රේලියානු තරුණයකු වන ඩැනියෙල් ජැක්සන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකට චරිතයක් බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඩැනියෙල් ජැක්සන් මැදිහත් වී නිර්මාණය කළ නව රාජ්‍යය වර්ඩිස් නිදහස් ජනරජය යන නමින් නිල වශයෙන් හැඳින්වෙන අතර, ඊට නිල ධජයක්, නිල ලාංඡනයක්, අමාත්‍ය මණ්ඩලයක් සහ නිල මුදල් ඒකකයක් ද අයත් වෙයි.

වර්ඩිස් නිදහස් ජනරජය පිහිටා ඇත්තේ, ක්‍රොඒෂියාව සහ සර්බියාව අතරේ ඩැනියුබ් නදිය අසල පිහිටි අක්කර 125ක වනාන්තර ප්‍රදේශයකය. ක්‍රොඒෂියාව සහ සර්බියාව අතරේ පවතින දේශසීමා ගැටුම් හේතුවෙන්, මෙම ප්‍රදේශය කිසිවකුටවත් අයිති නොවන බැවින්, ඒ බව දැනගෙන ඩැනියෙල් ජැක්සන් මෙම භූමි ප්‍රදේශයේ වර්ඩිස් නිදහස් ජනරජය පිහිටුවූයේ 2019 වසරේදීය. මෙය ලොව කුඩාම රාජ්‍යය ලෙස පිළිගෙන ඇති අතර, වතිකානයටත් වඩා මෙය ප්‍රමාණයෙන් කුඩා බව පැවැසෙයි.

වර්ඩිස් නිදහස් ජනරජයේ ජනාධිපති ධුරය හොබවන්නේ ද ඩිජිටල් නිර්මාණකරුවකු ද වන ඩැනියෙල් ජැක්සන් ය. වර්ඩිස් නිදහස් ජනරජයේ පුරවැසියන් ගණන අද වනවිට 400 ක් යැයි ද පැවැසෙයි. ජැක්සන්, මෙම නව රාජ්‍යය ස්ථාපිත කිරීම සිදු කර ඇත්තේ වයස අවුරුදු 18 දීය.

වර්ඩිස් නිදහස් ජනරජයේ නිල භාෂා වන්නේ ඉංග්‍රීසි, ක්‍රොඒෂියානු සහ සර්බියානු වන අතර, මුදල් ඒකකය ලෙස යුරෝ භාවිතා කරයි. මෙම කුඩා රාජ්‍යයට ප්‍රවේශවීම කළ හැක්කේ, ක්‍රොඒෂියාවේ ඔසියෙක් නගරයේ සිට බෝට්ටුවකින් පමණි. වර්ඩිස් නිදහස් ජනරජයේ සෑම පුරවැසියකුටම ගමන් බලපත්‍රයක් ද හිමිය.

නව රාජ්‍යයේ පදිංචිවීම ජනාධිපති ධුරය හොබවන ඩැනියෙල් ජැක්සන්ටත් එහි වැසියන්ටත් ගැටලුවක් වී ඇත. ඒ, ක්‍රොඒෂියානු රජයෙන් එල්ල වන විරෝධයයි. 2023 ඔක්තෝබරයේ, ක්‍රොඒෂියානු පොලිසිය ජැක්සන් ඇතුළු පදිංචිකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇත්තේ, යළි පැමිණීම දිවිඇතිතෙක් තහනම් කරමිණි. ජැක්සන් පවසන්නේ, තමන් පිටුවහල්ව සිට, වර්ඩිස් නිදහස් ජනරජයේ කටයුතු මෙහෙයවන බවය.



අදහස් (0)

ලොව කුඩාම රාජ්‍යය යළිත් මාධ්‍ය අවධානයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14638 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 436 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 259 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site