IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ලෙබනනයේ අන්තවාදී ගැටුම් උත්සන්න වෙයි

ලෙබනනයේ ටි‍්‍රපොලි නගරයේ සුන්නි මුස්ලිම්වරුන් හා සුළුතරයක් වන අලවයිට් ජනතාව අතර හටගෙන ඇති ගැටුම්වලින් 23 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අසල්වැසි සිරියාවේ හටගෙන ඇති ගැටුම්වල ප‍්‍රතිඵලයක් ලෙස මෙම අන්තවාදී ගැටුම් උත්සන්න වී ඇති බව විදෙස් විශ්ලේෂකයෝ පවසති.
මෙම ගැටුම්වලින් පුද්ගලයන් 167 දෙනෙක් තුවාල ලැබූහ. සුළුතර ජනතාව ඉලක්ක කරගෙන සිදු වන මේ ගැටුම් පිටුපස සිටින්නේ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව සටන් වැද සිටින සුන්නි මුස්ලිම්වරුන් බව පැවසේ.
හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට ලෙබනන ආරක්ෂක අංශ පියවර ගෙන ඇති අතර ගැටුම් නිමා කිරීම සඳහා ප‍්‍රදේශීය නායකයන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
 

ලෙබනනයේ සුන්නි සටන්කාමීන් මියගිය සිය සගයකුගේ දේහය රැගෙන යමින්

 



අදහස් (0)

ලෙබනනයේ අන්තවාදී ගැටුම් උත්සන්න වෙයි

දිලිප් Saturday, 25 May 2013 07:40 PM

මේ ලෝකය ලස්සන වෙලා තියෙන්නේ විවිධත්වයෙන්. සැම වර්ගයකම ජීවින් සැම වර්ගයකම ආගම්. නමුත් මුස්ලිම් රටවල මුස්ලිම් මිනුස්සුන්ටම එකට ඉන්න බැරිකොට අපි එකට ඉන්නේ කොහොමද?(නදී)

:       0       0

දිලිප් Sunday, 26 May 2013 07:49 PM

තුවක්කු අතට ගත්තාම මේ අය හිතනවා චන්ඩි කියලා. අපේ එස්.එප් එකෙන් 8 ආවම මෙයාලගේ කීයක් ඉවරද?(නදී)

:       0       0

මෝරලා Saturday, 25 May 2013 12:16 PM

මේ වගේ දේවල් වෙන්නේ ලෝකේ පොලිස් කාරයාගේ උවමනාවලට. ඔය වගේ දේවල් ලංකාවෙත් වෙනවා. ඉතින් අපේ මිනිස්සු ඕවාට ගොදුරු නොවී හිටියානම් ඇති.(නදී)

:       0       0

සදරුවන් Saturday, 25 May 2013 12:56 AM

මනසින් උසස් මිනිසාට අන්තවාදය,මුලධර්මවාදය,අසත්‍යය උගන්වපුවාම ඔය ප්‍රතිපල තමා අත්වෙන්නේ.පේනවා නේද අන්ජාතීන් තියා තමන්ගේ ජාතිය එක්කවත් සහජීවනයෙන් ජීවත්වෙන්න බැරුව බල්ලෝ බළල්ලු වගේ මරාගන්න හැටි.ඉතින් අපිත් එක්ක සහජීවනය ගැන කුමන කතාද? (නි)

:       0       0

දිනේෂ් Sunday, 26 May 2013 03:01 PM

මර්සි, අල්ලා කියලා කෙනෙක් නැහැ. මෙයාලා මේ බොරුවට මවාගත්ත දෙයක්. (නි)

:       0       0

මහේෂ් Saturday, 25 May 2013 03:37 PM

මෙච්චර මිනී මරන්න. අන් මතයක් ඉවසගන්න බැරි මේ වනචාරී සත්තු ඉන්න රටක ඉපදීමත් පෙර පවක්. තව ටික කලක් ගියාම මුළු ලෝකෙම මුන්ගෙන් නිදහස් වේවි. වැඩේ කියන්නේ මේ පව් කාරයන්ට තවම කියන්නේ සටන්කාමීන් කියලනේ. මේ ම්ලේච්චයන් හඳුන්වන්න තවම වචනයක් සොයාගන්න බැරි හැටි මේ ලේකකයන්ට.(නදී)

:       0       0

ශෙහාන් Saturday, 25 May 2013 03:46 PM

මෝඩකම පෙන්නන්ඩ එපා රූපා. මෙතන දේශපාලනයක් නෙවෙයි තියෙන්නේ ආගමික අන්තවාදය.(නදී)

:       0       0

වීරසිංහ Sunday, 26 May 2013 03:41 PM

මේක හරියට අපේ මහායාන ථෙරවාද බේදේ වගේ දෙයක්ද? එහෙම නැත්නම් නිකාය බේදේ වගේ දෙයක්ද? (නි)

:       0       0

දිලිප් Saturday, 25 May 2013 04:18 PM

රූපා ඔයා මුතුකුඩගේ නන්ගිද අක්කද ?(නදී)

:       0       0

කුරුවිට Saturday, 25 May 2013 10:48 PM

දිලිප් රූපා කියන්නේ මුතුකුඩගේ පුංචි අම්මා රනිල්ගෙත් නෑදෑයෙක්.(නදී)

:       0       0

මර්සි ලංකා Saturday, 25 May 2013 10:59 PM

මේ එකම ජාතිය මුස්ලිම්, ආගම ඉස්ලාම් එහෙත් එකට ඉන්න බැහැ. ජිහාඩ් අල්කයිදා නැතිනම් සුන්නි කියල එකා එකා මර ගන්නවා. . අල්ලාහ් දෙය්යෝ කවදා හරි මෙයාලව මරල දාවි. දෙයියන්ගේ නමෙන් කරන වැඩ වලට.(නදී)

:       0       0

වෙනුර Saturday, 25 May 2013 11:34 PM

සදරුවන්ගේ ප්‍රතිචාරයෙන් රූපට වැදුන වැදිල්ලෙන්ම හිතාගන්න පුළුවන් රූපා කවුද කියලා.වෙස්මුහුණු බැදන් ආවට දැන් නැහැ රැවටෙන්නේ ,අපි ඔයාව දන්නේ ,ඔයා මුස්ලිම්ම තමයිනේ.මුස්ලිම් අය පමණයි හැංගිලා ගහන්නේ.සමාවෙන්න හිත රිදුනට මගේ රූපා. (නි)

:       0       0

රූපා Saturday, 25 May 2013 10:55 AM

චි චි එහෙම කියන්න එපා සඳරුවන්.මොකෝ මේකට ආගමික උත්තරවලට වඩා දේශපාලනික උත්තරයක් වැදගත් වෙන්නේ. මොකෝ ඔයාට 71, 88,89 අමතකද. ආ..... 83. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 873 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site