IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


රුසියන් යුක්රේන සාම සමුළුව ස්විට්සර්ලන්තයේ

රුසියන් යුක්රේන අර්බුදයට විසඳුම් සෙවීමේ සාම සමුළුවක් ස්විට්සර්ලන්තයේ දී පැවැත්වීමට නියමිත අතර, ඊට සහභාගී වෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ඇරැයුම් කර ඇති නමුත්, බයිඩන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.

යුක්රේනයේ ප්‍රධාන මිත්‍ර පාර්ශ්වය වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සාම සමුළුවට සහභාගී විය යුතුයි. බයිඩන් සාම සමුළුවට සහභාගී නොවීම, රුසියාවටත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ටත් ජයග්‍රහණයක් වේවි’ යැයි සෙලස්කී අදහස් දක්වමින් කියා තිබේ.

සාම සමුළුවට රුසියන් යුක්රේන නියෝජිතයන් සේම, රුසියාවටත්, යුක්රේනයටත් වෙන වෙනම සහාය දක්වන රටවල නියෝජිතයන් ද සහභාගී වනු ඇති බවත්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන් හෝ උප ජනාධිපති කමලා හැරිස් ඊට සහභාගී නොවූවත්, ඇමෙරිකන් නියෝජිත පිරිසක් ඊට සහභාගී වනු ඇති බවත් ධවල මන්දිරය පැහැදිලි කර ඇත.

සාම සමුළුවට මැදිහත් වී සිටින ස්විට්සර්ලන්තය පවසා ඇත්තේ රුසියන් යුක්රේන සාම සමුළුවට සහභාගී වෙන්නැයි තමන් රටවල් 160 කට ඇරැයුම් කර ඇති බවය. ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මත පදනම්ව, යුක්රේනය වෙනුවෙන් දිගු කාලීන සාම වැඩපිළිවෙළක් ඇති කිරීමට ලෝක නායකයන් සම්බන්ධ කර ගැනීම තම අරමුණ බව ස්විට්සර්ලන්ත රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ඔඩුදුවන රුසියන් යුක්රේය අර්බුදය විසඳීමට ස්විට්සර්ලන්තය මැදිහත් විය යුතු යැයි යෝජනා කළේ ද සෙලෙන්ස්කීය. ඒ අනුව, ලබන ජූනි මාසයේ ස්විට්සර්ලන්තයේ, ලූසනර් විල අසබඩ, බර්සෙට් සුඛෝපබෝගී හෝටලයේ දී ස්විට්සර්ලන්තයේ හිටපු ජනාධිපති ඇලන් බර්සෙට්ගේ සහභාගීත්වයෙන්, යුන්රේනය, රුසියාව සහ යුරෝපා රටවල් කීපයක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සහභාගී වෙමින්, සාම සමුළුව පැවැත්වෙනු ඇත.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නියෝගයකට අනුව, රුසියන් හමුදා, අසල්වැසි යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ 2022 වසරේ පෙබරවාරියේය. ඒ, බටහිර රටවලට ගැති යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ රජය, ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි.

‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා බටහිර රටවල් එක් වී, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට පිහිටුවාගත් යුද සන්ධානයයි. යුක්රේනයට, නේටෝ සාමාජිකත්වය හිමිවීම, රුසියාවට විශාල තර්ජනයකි.



අදහස් (0)

රුසියන් යුක්රේන සාම සමුළුව ස්විට්සර්ලන්තයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 157 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 230 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1094 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site