
රුසියන් යුක්රේන යුද්ධය වහා නවත්වා, රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට යන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා රුසියන් සහ යුක්රේන ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
පාප්තුමන් රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සිය හඬ අවදි කළේ රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී වසර දෙකක් ගත වෙද්දීය.
‘බොහෝ දෙනකුට ජීවිත අහිමි වුණා. බොහෝ දෙනකු තුවාල ලැබුවා. නිවාස අහිමි වුණා. ගම්බිම් අහිමි වුණා. කඳුළින් සහ ලෙයින් භූමිය තෙත් වුණා. යුද්ධ කළා ඇති. වසර දෙකක් යුද්ධ කළා ඇති. දැන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාම වැඩපිළිවෙළක් ආරම්භ විය යුතුයි’ යැයි පාප්තුමෝ පෙන්වා දුන්හ.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd