IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


රුසියන් යුක්රේන සිරකරු හුවමාරුවක්

යුක්රේනය සහ රුසියාව අතරේ, සිරකරු හුවමාරුවක් සිදුවිය. සිරකරුවන් 390 දෙනකු හුවමාරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉදිරි දින කීපයේ දී තවත් සිරකරුවන් 600 දෙනකු පමණ හුවමාරු කර ගැනීමට නියමිත බව ද පැවැසෙයි.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින් පසුගිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී සාකච්ඡා පැවැත්විණි. ඒ, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ මැදිහත් වීමෙනි.

එම සාකච්ඡා සඳහා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරුණි. පුටින් සහභාගී නොවුණු බැවින් තමන් ද සහභාගී නොවන බව සෙලෙන්ස්කී පැවැසීය.

සාකච්ඡා පැවැත්වූයේ දෙරටේ නියෝජිතයන් අතරේය. සටන් විරාමයක් සඳහා එකඟතාවක් ඇතිකර නොගැණුනත්, සිරකරුවන් හුවමාරු කර ගැනීමට දෙපාර්ශ්වයම එකඟ විය. ඒ අනුව, සිරකරුවන් 1000 ක් හුවමාරු කර ගැනීම සිදුවනු ඇත.

සිරකරු හුවමාරුව සිදුවන අතරතුරේ, යුක්රේනයේ කිව් අගනුවරට රුසියන් හමුදාව, නියමුනක් රහිත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් 14 දෙනෙක් තුවාල ලැබූහ. ප්‍රහාරයට, ඩ්‍රෝන යානා 250 ක් සහ බැලැස්ටික් මිසයිල 14ක් අයත් වූ බව පැවැසෙයි. එසේ පැමිණි මිසයිල 6 ක් සහ ඩ්‍රෝන යානා 245 ක් ගුවනේ දී විනාශ කර දැමීඹට හැකිවුණු බව යුක්රේන ගුවන් හමුදාව පවසා ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

රුසියන් යුක්රේන සිරකරු හුවමාරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site