
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14 කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට ඇමෙරිකාව තීරණය කර ඇති අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව එම රටවලට දුන් බව වාර්තා වේ.
එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක වනු ඇතැයි ද පැවැසෙයි. ඒ අනුව, ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25 ක තීරු බද්දක් පැනවීමට නියමිතව තිබේ. ජපානය සහ දකුණු කොරියාව යනු ඇමෙරිකාවේ සමීපතම මිතුරන් වීම ද විශේෂත්වයකි.
ඊට අමතරව මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය, සර්බියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, ටියුනීසියාව යන රටවල් සඳහා ද තීරු බදු පනවා ඇත
‘මේ වනවිට අප චීනය සමග එකගතාවක් ඇති කරගෙන තිබෙනවා. කැනඩාව සමග එකගතාවක් ඇති කරගෙන තිබෙනවා. අපි ඉන්දියාව සමගත් ගිවිසුමක් ඇති කර ගනිිමින් සිටිනවා. එසේ ගිවිසුමක් ඇති කර ගැනීමට අපොහොසත් වූ රටවල්වලටයි අප මේ ලිපි යැවීම සිදු කරන්නේ’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 04
670
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
549
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රටවල් 14 කට ලිඛිතව දන්වයි