IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


යුරෝපා කොමිසමේ ප්‍රධානියාගේ ගුවන් යානයට බාධා කරලා

යුරෝපා කොමිසමේ ප්‍රධානී උර්සුලා වොන් ඩෙර් ලින් ගමන් කරමින් සිටි ගුවන් යානය හිටිහැටියේ තාක්ෂණ දෝෂයකට ලක්වුණු බවටත්, එසේ වූයේ රුසියන් හමුදා ගුවන් යානයට චන්ද්‍රිකාවලින් ලැබෙන සංඥා අවහිර කළ නිසා බවටත් චෝදනා එල්ල වී ඇත.

උර්සුලා වොන් ඩෙර් ලින් රැගත් ගුවන් යානය, බල්ගේරියාවට ගොඩබෑමට සූදානම් වෙද්දී මෙම අකරතැබ්බ සිදුවී ඇත. ගුවන් යානය, චන්ද්‍රිකා තාක්ෂණය සහ ජීපීඑස් තාක්ෂණය භාවිතයට ගනිමින් පියාසර කර ඇති අතර, එය බල්ගේරියාවට ගොඩබෑමට සූදානම් වෙද්දී එහි මඟ පෙන්වන පද්ධති අඩපණ වී ඇත. ඒ, බාහිරින් ආ සංඥාවක් නිසා බව පැවැසෙයි. ඊට රුසියාව වගකිවයුතු යැයි විමර්ශනවලින් පසු පබලධාරීහු පවසති‍.

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුරෝපා රටවල් අයත් යුරෝපා කොමිසම ද උත්සාහ ගන්නේ යුක්රේනයට අවශ්‍ය පරිදි සාම වැඩපිළිවෙළක් ඇති කර ගැනීමටය. රුසියාවට සම්බාධක පැනැවීම පවා සිදු කර ඇත්තේ යුරෝපා කොමිසමය. උර්සුලා වොන් ඩෙර් ලින් නිරන්තරයෙන් රුසියන් ජනාධිපතිවරයා විවේචනය කර ඇත..



අදහස් (0)

යුරෝපා කොමිසමේ ප්‍රධානියාගේ ගුවන් යානයට බාධා කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2130 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site