IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මෝදිට විරෝධය පෑ තරුණයෙක් මරුට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරයට විරෝධය පළ කරමින්, බංග්ලාදේශයේ පැවැත්වෙන විරෝධතා අතරවාරයේ දී 19 හැවිරිදි තරුණයෙක් මරණයට පත්විය.

පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් අතරවාරයේ දී එම තරුණයා මරණයට පත්වුණු බව පැවැසෙයි. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර හටගත් ගැටුමින් තවත් 20කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

19 හැවිරිදි තරුණයා මියගියේ, බංග්ලාදේශයේ නැගෙනහිර පෙදෙසට වන්නට පිහිටි බ්‍රහ්මන්බරියා හි පිහිටි ග්‍රාමීය නගරයක් වන සරෙල් හි පැවැති විරෝධතාවක් අතරතුරේදීය.

හින්දු ජාතිකවාදියකු ලෙස හැඳින්වෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ නිල සංචාරයට විරෝධය පළ කරමින් ඉස්ලාමීය කණ්ඩායම්වල මූලිකත්වයෙන් මෙම විරෝධතා පැවැත්වෙයි.

විරෝධතාවලට සහභාගී වන බොහෝදෙනා බංග්ලාදේශයේ දැඩි මතධාරී ඉස්ලාමීය කණ්ඩායමක් වන හෙෆාසාත්-ඊ-ඉස්ලාම් සාමාජිකයෝ ය.

බංග්ලාදේශයේ 50 වැනි නිදහස් දිනයට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉකුත් 26 වැනිදා එරටට පැමිණියේ ය. විරෝධතා පැවැත්වෙන්නේ එදින සිටය.

නරේන්ද්‍ර මෝදි, ඉන්දියාවේ සිටින මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව වාර්ගික ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට කටයුතු කරන බවට චෝදනා කරමින් බංග්ලාදේශයේ මුස්ලිම් කණ්ඩායම් මෙලෙස විරෝධතාවල නිරත වෙයි.

පසුගිය සිකුරාදා පැවැති විරෝධතා අතරවාරයේ පොලිසියේ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් පස් දෙනකු මරණයට පත්වූ අතර සෙනසුරාදා පැවැති විරෝධතා අතරවාරයේ දී පුද්ගලයන් හය දෙනෙක් මරණයට පත්වූහ.

මිලියන 168ක ජනතාවක් වෙසෙන බංග්ලාදේශයේ ජීවත් වන බොහෝ දෙනා මුස්ලිම් ජාතිකයෝ ය.

බංග්ලාදේශයේ බොහෝ දිස්ත්‍රික්කවල මේ වනවිට විරෝධතා පැවැත්වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

මෝදිට විරෝධය පෑ තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site