
ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීම, සම්බන්ධයෙන් මුරුසි අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් ජග්නවුස් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ස්තුති කළේය.
රාජ්‍ය නායකයන් දෙදෙනා පසුගිය දා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එකිනෙකා හමුවී සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී මුරුසි දිවයිනේ ප්‍රජා සංවර්ධන වැඩසටහන් රැසකට සහාය දැක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ ඉන්දීය මධ්‍යම රජයේ කැමැත්ත පළ විය.
විදෙස් සංචාරකයන් අතරේ ප්‍රසිද්ධ මුරුසි දූපත ඉන්දීය සාගරයේ පිහිටා ඇත. දූපත් රාජ්‍යයේ ජනගහනය මිලියන 1.266 කි. මුරුසි අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් ජග්නවුස් ඉන්දීය සම්භවයක් ඇති මුරුසි ජාතිකයෙකි.
(එන්.ඩී.ටීවී.)
COMMENTS