
මියන්මාර මහ මැතිවරණය අද (28) ආරම්භ විය. 2021 වසරේ දී, මියන්මාර හමුදාව, කුමන්ත්‍රණය කරමින් රටේ බලය අත්පත් කර ගැනීමෙන් පසු පැවැත්වෙන පළමු මහ මැතිවරණය මෙයයි.
මියන්මාර හමුදාව, බලය අත්පත් කරගත්තේ, බලයේ සිටි නොබෙල් ත්‍යාගලාභී අවුන්සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දමමිනි. මෙය බටහිර රටවල දැඩි විරෝධයට හේතුවක් වූ අතර, මියන්මාරය ලොවෙන් හුදෙකලා කිරීමට එය හේතුවක් ද විය.
හමුදා පාලකයන් සූ කීට දේශද්‍රෝහී චෝදනා එල්ල කර ඇති අතර ඇය ඒවාට වරදකාරිය ද වූවාය. මේ වනවිට සූ කී යැංගොන් නුවර නිවාස අඩස්සියේ පසුවන්නීය.
මහ මැතිවරණයට අමතරව නගර සභා සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම ද සිදුවන බව මියන්මාර මැතිවරණ බලධාරීහු පවසති. 2021 වසරේ බල පෙරැළියෙන් පසු මියන්මාරයේ සිවිල් යුද ගැටුම් ද ඇවිළෙමින් පවතී.
යුද ගැටුම් පවතින ප්‍රදේශවල මැතිවරණ කටයුතු පැවැත්වෙන්නේ නැතැයි ද පැවැසෙයි.මැතිවරණය අදියර තුනකින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, අද (28) දින එහි පළමු අදියර ක්‍රියාත්මක වනු ඇත.
තහනමට ලක් වුණු සුකීගේ 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය' ඇතුළු ප්‍රධාන පක්ෂ රැසක් අද (28) ඇරැඹුණු මැතිවරණයට සහභාගී නොවන අතර, බොහෝ පාර්ශව මෙය හමුදා පාලනය නීත්‍යානුකූල කරගැනීම සඳහා පවත්වන්නක් ලෙස හඳුන්වා ඇත.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මියන්මාරයේ මහ මැතිවරණයක්