IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මන්තරේට පෙම්වතිය නොඑයි

තමන් අතහැර ගිය පෙම්වතියගේ ආදරය යළි ලබාගැනීමට මන්තර ගුරුකම් වල පිහිට පැතිමට ගිය ස්පාඤ්ඤ ජාතිකයෙකුට වැඩ වැරදී තිබේ.

ජෝස් ලැපූරා සිය පැරණි පෙම්වතිය යළි දිනාගැනීමට කළ සියලූ දේ අසාර්ථක වූ තැන පේන කියන්නෙකුගේ සහය පතා ඇත.පේන කියන්නා සතුව තිබුණු ‘‘මන්තරයක්‘‘ඩොලර් ලක්ෂ 2  ( රුපියල් ලක්ෂ 256) කට ආසන්න මුදලක් ගෙවා ලබාගෙන ඇති ඔහු දින ගණනක් පුරාවටම එය ජප කර ඇත.ඒ පේන කියන්නාගේ උපදෙස් අනුවය.

පේන කියන්නා කියු අයුරින් පෙම්වතිය දෙපාමුලට තියා දොරකඩටවත් නොපැමිණි හෙයින් යළි පේන කියන්නා හමුවට ගොස් ඇති ජොස් සිය මුදල් ඉල්ලා ඇත.පේන කියන්නා මුදල් ආපසු ලබා දීම එකහෙළා ප්‍රතික්ෂේප කර ඇති තැන ජෝස් කර ඇත්තේ මිතුරන් කිහිපදෙනෙකුත් සමග එකතුව පේන කියන්නාගේ ගෙය බිද මුදල් සොරාගැනීමට උත්සාහ කිරීමයි.උත්සාහය ව්‍යර්ථ වන්නේ පේන කියන්නා සිදුකළ දැනුම්වත් කිරීමකට අනුව එතැනට පැමිණි පොලිස් නිළධාරීන්ගේ අතටම ඔවුන් හසුවීමෙන්ය.

පෙම්වතිය දිනා ගැනීමට උත්සාහ කළ ජෝස් දැන් සිටින්නේ පොලිස් අත්අඩංගුවේය.ඔහුට හා මිතුරු කැලට එරෙහිව නඩු පැවරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.



අදහස් (0)

මන්තරේට පෙම්වතිය නොඑයි

හේරත් Tuesday, 28 May 2013 06:44 PM

කෝ අපේ අවිස්සාවේල්ලේ හාමුදුරුවෝ? (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 28 May 2013 02:42 PM

කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ අති ප්‍රබල මන්ත්‍ර ගුරුකම් අභාවයට ගිය එකෙන් අපිටත් පාඩුයි. සුද්දාටත් පාඩුයි. මොනවා කරන්නද? ඇරත් ලංකාවට ආවා නම් මීට වඩා අඩු වියදමකින් කරගන්න තිබුනා (නි)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 28 May 2013 09:48 PM

මෙයාට සෙට් කරමු අර කිඹුලාව කිති කවලා බේරුනා කියපු ධීවරයව. එයත් මන්තර දන්නා කෙනෙක්. (නි)

:       0       0

ඇසල Tuesday, 28 May 2013 02:12 PM

පොල් මෝඩයෙක් මුදේ මාලු එකෙක්ද ඉන්නේ. මෝඩ කමට බෙහෙත් නැහැ කියල තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1123 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site