
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ මධ්‍යම රජය සත්‍ය වසං කරමින්, ජාතිය නොමඟ යවනවා යැය එරට එරට ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්‍රස්’ පක්ෂය චෝදනා කරයි.
‘කොංග්‍රස්’ පක්ෂ නායක මල්ලිකාර්ජුන් කාර්ජේ සිය එක්ස් ගිණුම ඔස්සේ මෙසේ අග්‍රාමාත්‍ය මෝදිටත්, මෝදිගේ රජයටත් චෝදනා කර ඇත්තේ, ඉන්දීය ආරක්ෂක මණ්ඩල ප්‍රධානී අනිල් චෞහාන් මාධ්‍ය හමුවේ සිදු කළ අනාවරණය මුල්කොට ගනිමිනි.
පසුගිය දා ඉන්දියාවත් පාකිස්තානයත් අතර පැවැති ගැටුම් අතරතුරේ, පාකිස්තාන ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින්, ඉන්දීය ගුවන් හමුදාවට දැඩි හානි සිදුවුණැයි ජනරාල් අනිල් චෞහාන් පවසා ඇත. මෙය ඉන්දීය ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්‍රස්’ පක්ෂයේත් සෙසු විපක්ෂ ක්‍රියාකාරීන්ගේත් අවධානයට ලක් විය.
ඉන්දු පාකිස්තාන අර්බුදයේදී ඉන්දියාව, පාකිස්තානයේ ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ආරම්භ කළේ ‘සින්දූර්’ නමැති හමුදා මෙහෙයුමය. එම මෙහෙයුම ක්‍රියාත්මක කළ හමුදාවටත්, අග්‍රාමාත්‍ය මෝදිගේ රජයටත්, විපක්ෂයේ පූර්ණ සහාය හිමිවිය.
ඉන්දීය හමුදාව, පාකිස්තානයේ ඉලක්කවලට ගුවනින් පහර දෙද්දී, පාකිස්තානය ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර, ඉන්දීය ගුවන් යානා බිම දැමූ බව ද පැවැසිණි.
කෙසේ නමුත් මෝදි රජය මේ බව තහවුරු කර නොතිබුණු අතර, ජනරාල් අනිල් චෞහාන්ගේ ප්‍රකාශයෙන් එය තහවුරු වී ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු සැසියක් පවත්වන්නැයි විපක්ෂය ඉල්ලා ඇති බවත්, ඒ සඳහා අවස්ථාව ලබා දෙන බවත් මෝදි රජය පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෝදි රටට බොරු කියනවා