
මැඩගස්කරයේ රජයට එරෙහි විරෝධතා උත්සන්න වෙද්දී, විරෝධතාකරුවන්ට සහාය පළ කරමින්, එරට හමුදාවේ එක් බලඇණියක් රටේ බලය අත්පත් කරගත්තේය.
මැඩගස්කරය යනු අප්‍රිකා මහද්වීපයට යාබදව, ඉන්දීය සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයකි. මැඩගස්කරය යනු අප්‍රිකාවේ ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන් ඉන්දීය සාගරයේ පිහිටි විශාල දූපත් රටකි. එය අප්‍රිකානු මහාද්වීපයෙන් මොසැම්බික් සමුද්‍ර සන්ධියෙන් වෙන් වී පිහිටයි. ආර්ථිකය ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය, පතල් කැණීම් සහ සංචාරක ව්‍යාපාරය මත රඳා පවතී. මෙය ලෝකයේ දුප්පත්ම රටවල් අතරින් එකක් ලෙස සැලකෙයි.
රටේ බලය අල්ලා ගත්තේ, මැඩගස්කර් හමුදාවේ අධිකරණ හා තාක්ෂණික බලඇණියයි. හමුදාවේ සෙසු අංශ සහ සෙසු බලඇණි සියල්ල තමන්ගේ පාලනය යටතේ පවතින බව ද අධිකරණ හා තාක්ෂණික බලඇණිය පවසා ඇත.
මැඩගස්කරයේ රජයට එරෙහි විරෝධතා පැවැත්වූයේ සති දෙකක් තිස්සේය. ඒ, මැඩගස්කර් ජනාධිපති ඇන්ඩ්‍රි රාජෝලිනා රජයේ දුෂණ වංචා ඉහළ යෑම සහ රටේ ජල විදුලි කප්පාදුවය. විරෝධතා ආරම්භ කළේ එරට ජෙන්සී තරුණ තරුණියන්ය.
ඇන්ඩ්‍රි රාජෝලිනා ජනාධිපති ධුරයට මැඩගස්කරයේ ජනාධිපති ධුරයට පත්වූයේ 2009 දී සිදුවූ හමුදා කුමන්ත්‍රණයකිනි. එහිදී ඔහුට බලයට ඒමට සහාය දැක්වූයේ ද දැන් ඔහු බලයෙන් නෙරපා දැමීමට කටයුතු කළ මැඩගස්කර හමුදාවේ අධිකරණ හා තාක්ෂණික බලඇණිය වීම විශේෂත්වයකි.
2009 වසරේදී, ඇන්ඩ්‍රි රාජෝලිනා, මැඩගස්කරයේ ඇන්ටනානාරිවෝ අගනුවර නගරාධිපති ලෙස කටයුතු කරමින් සිටියේය. එදා ඔහු ජනාධිපති ධුරය හෙබවූ මාක් රවලෝමනානා පෙරළා දැමීමට හමුදාව සමඟ එක් වී කටයුතු කළේය.
පසුගිය සති කීපයේ, රාජෝලිනාගේ රජය විරෝධතාකරුවන් මර්දනයට පොලිසිය යෙදවුණු අතර, එය විරෝධතා උත්සන්න කිරීමට හේතුවක් විය. කැරැලි මර්දන පොලිසිය සහ විරෝධතාකරුවන් අතරේ ගැටුම් හේතුවෙන් විරෝධතාකරුවෝ 22 ක් ජීවිතත්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 100 කට වැඩිය. එම අවස්ථාවේදී රජය විසුරුවා හැරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළත්, විරෝධතා අවසන් වූයේ නැත
2025 ඔක්තෝබර් මස 08
1902
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
532
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මැඩගස්කර හමුදාව රටේ බලය අල්ලයි