
තමන්ට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් තමන්ට සමාව දෙන්නැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදෙන්යාහු හරට ජනාධිපති ඇයිසැක් හර්සොග්ගෙන් ඉල්ලීමක් කර ඇත. අග්‍රාමාතය නෙදන්යාහු එසේ ඉල්ලීමක් කළ බව, ඊශ්‍රායල ජනාධිපති කාර්යාලය ද තහවුරැ කර ඇතැයි ද පැවැසෙයි.
අග්‍රාමාත්‍ය නෙදන්යාහුට එල්ල වී ඇත්තේ, අල්ලස් ගැනීම, වංචාව, ජනතා විශ්වාසය කඩකිරීම යන චෝදනාය. මෙම චෝදනා සම්බන්දයෙන් වෙන වෙනම නඩු විභාග පැවැත්වෙයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත්තේ, තමන් දේහපාලනික වශයෙන් පළිගැනීමකට ලක් වී ඇතැයි පවසමිනි. මෙම චෝදනා සම්බන්ධයෙන් 2020 දී නඩු විභාගයක් ආරම්භ විය. එය තවමත් අවසන් නැත.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලීම ඊශ්‍රායල විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල දැඩි විරෝධයට හේතුවක් වී ඇත. දේශපාලන ක්‍රියාකාරීහු පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වූහ.
දූෂණ චෝදනා එල්ල වී සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට සමාව දෙන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊශ්‍රායල ජනාධිපති හර්සොග්ගෙන් නිල වශයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද පැවැසෙයි. ඒ, ඊශ්‍රායල ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමිණි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මට සමාව දෙන්න: අගමැති නෙදන්යාහු