ඒජියන් මුහුදේ අද (30) සිදුවූ රිච්ටර් මාපාංක 7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයකින් ග්‍රීසියේ සහ තුර්කියේ අට දෙනකු මියගොස් බොහෝ අලාභ හානි සිදුවී තිබේ.
වෙරළබඩ ප්‍රදේශ වල සුළු සුනාමි තත්ත්වයක් ද හටගෙන ඇති අතර බියවූ මිනිසුන් වීදි දිගේ දිවගිය බව මාධ්‍ය වාර්තා කර ඇත.
තුර්කියේ ඉස්මිර් නගරට දැඩි හානි සිදුවී තිබේ. නගරාධිපතිවරයා පවසන්නේ ගොඩනැගිලි 20 ක් පමණ සම්පූර්ණායන්ම කඩා වැටී ඇති බවයි. සුන්බුන් වලට යටවී සිටි 70 දෙනකු පමණ බේරාගෙන ඇත.
භූ කම්පනය හේතුවෙන් 321 දෙනකු පමණ තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.
නිරතුරුවම භූ කම්පනවලට ලක්වන රටක් වන තුර්කියේ ඉස්මිර් නගරයේ 1999 සිදුවූ 7.6 ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයෙන් 17,000 ක් පමණ මියගියහ.
රෝයිටර් පුවත් ඇසුරිණි
085
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
භූ කම්පනයකින් තුර්කියට සහ ග්‍රීසියට දැඩි හානි