
බුද්ධගයාවේ පාලනය, සම්පූර්ණයෙන්ම බෞද්ධ මණ්ඩලයකට භාරදෙන මෙන් ඉල්ලා, මහාබෝධි විහාරය අසල ආරම්භ කර ඇති උපවාසය දිගටම පැවැත්වෙන බවත්, ඉන්දියාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනකු මේ වනවිට එම උපවාසයට එක් වී සිටින බවත් වාර්තා වේ.
ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් මහාබෝධි විහාරයට වැඩම කළ අතර, උන්වහන්සේලා ද එම උපවාසයට එක් වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැවැසීය.
1949 වසරේ මහා බෝධි විහාර කළමනාකරණ පනත වෙනස් කරන්නැයි ඉල්ලමින්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙසේ මහා බෝධි විහාරය අසල උපවාසය ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 12 වැනිදාය.
සිදුහත් බෝ සතුන් බුද්ධත්වයට පත් වුණු බුද්ධගයාව පිහිටා ඇත්තේ, ඊසානදිග ඉන්දියාවේ, බිහාර් ප්‍රාන්තයේ, ගයා දිස්ත්‍රික්කයේය.
වර්තමානයේ බුද්ධගයාව පාලනය කරන පාලක මණ්ඩලයට හින්දු භක්තිකයෝ පස් දෙනෙක් සහ බෞද්ධයන් සිවු දෙනකු අයත් වන අතර, උපවාසයට එක් වී සිටින භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම වී ඇත්තේ, බුද්ධගයාව පාලනය කරන එම පාලක මණ්ඩලය සම්පූර්ණයෙන් බෞද්ධයන්ගෙන් සමන්විත යුතු බවය. ඒ සඳහා 1949 වසරේ, මහා බෝධි විහාර කළමනාකරණ පනත වෙනස් කිරීම කළ යුතුය.
භික්ෂූන් වහන්සේලා ආරම්භ කළ උපවාසයට සහාය පළ කරමින්, පසුගිය 14 වැනිදා පූනේ නගරයේ දී දැවැන්ත මහජන පෙළපාළියක් ද පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
90
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
142
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
942
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භික්ෂූන් වහන්සේලා බුද්ධ ගයාවේ විරෝධතා
Sediris Tuesday, 18 March 2025 12:23 PM
ඉන්දියාවෙ කොන්දක් තියෙන මිනිස්සු ටික දෙනෙක් තාම ඉන්නවා දැකීමත් සතුටක්. අනගාරික ධර්මපාලතුමා ලංකාවෙන් ගිහින් ඔය ටික ඔහොම වත් බේර ගත්තෙ. නැත්තන් ඔය උතුම් ස්ථානය තනිකරම කෝවිලක් කරල තමයි උන් නවතින්නෙ.
Rata Perata Tuesday, 18 March 2025 12:33 PM
සාධාරණ ඉල්ලීමක්. ඉන්දියානු රාජ්‍යය මේ ඉල්ලීම ගැන සලකා බලයි කියලා හිතනවා.
ABS Module Wednesday, 19 March 2025 12:55 PM
හින්දු මිනිස්සුන්ගේ කෝවිලක් බුද්ධ ගයාව කියලා නම් කරන්න මුල් උනේ එවකට සිටි සුදු පාලනාධිකරණය සහ අනාගාරික ධර්මපාලතුමා විසිනි.
පින්නවල ගෙදර Thursday, 20 March 2025 09:54 AM
ඔබ වැරදියි, මෙය සම්පූර්ණයෙන්ම බෞද්ධ සිද්ධස්ථානයක් හින්දු ආගමික ග්‍රහණයට ලක්වෙලා තිබුණ. මුළු පුරාණ ඉන්දියාව පුරාම එවනි ස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙනව. නමුත් ඒවායේ සෙල්ලිපි, චිත්‍ර මකල වෙනත් ආගමික සංවිධාන විසින් අත්කරගෙන සිටිනවා.