
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සටන් විරාමයක් සහ නව සාම වැඩපිළිවෙළක් සකස් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් මැදිහත් වී සිටිති.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස්ගේ පරිභවයට ලක් වී ඇමෙරිකාවෙන් පිටවී ගිය යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට පැමිණි අතර, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ලන්ඩන් නුවරදී විශේෂ සමුළුවක් පැවැත්විණි.
එම සමුළුව පැවැත්වූයේ යුරෝපා රටවල රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානක්වයෙනි. එහිදී යුක්රේනයට කිසිදු අඩුවක් නොකර සහාය ලබා දීමට ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍යය ප්‍රතිඥා දුන්නේය.
ලන්ඩන් නුවර ඩවුනිං වීදියේ දී යුක්‍රේන ජනාධිපතිවරයා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් අතරේ විශේෂ හමුවක් පැවැත්වුණු අතර, ස්ටාර්මර්, සෙලෙන්ස්කී පිළිගත්තේ වැලැඳගනිමිනි.
බ්‍රිතාන්‍යයෙන්, යුක්‍රේනය වෙත ලබාදෙන අමෙරිකා ඩොලර් බිලියන 2.8ක වටිනාකමකින් යුත් ණය මුදලක් වෙනුවෙන් ගිවිසුමකට ද අත්සන් තැබීම සිදුවිය. බ්‍රිතාන්‍යයේ පවතින රුසියාවට අයත් අත්හිටුවූ වත්කම්වල ලාභය උපයෝගී කරගනිමින් මෙම ණය මුදල ලබාදීම ද විශේෂත්වයකි.
(බීබීසී)
2025 ඔක්තෝබර් මස 08
1469
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1316
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බ්‍රිතාන්‍යයෙන් ප්‍රංශයෙන් නව සාම වැඩපිළිවෙළක්