
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසයි. 81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද 'කොවිඩ් 19' ආසාදනය විය.
නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් බයිඩන් ඉදිරිපත් වෙයි. 'කොවිඩ් 19' ආසාදිතයකු වූ බැවින් මැතිවරණ කටයුතුවලට බාධා එල්ල වනු ඇතැයි ද පැවැසෙයි.
බයිඩන්, කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කෙරුණේ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙනි. මේ වනවිට බයිඩන් සිය ඩෙලවෙයාර් ජනපදයේ රෙහෝබෝත් නිවසේ හුදෙකලා වී සිටින බව ධවල මන්දිරය කියයි.
(ඒ.එෆ්.පී.)
COMMENTS
ලෝකයේ ලොකුම සහ දියුණුම ආර්ථිකයක් ඇති ඇමරිකාවේ නායකයත් සෙහෙම මඤ්ඤං නම් අපේ රටවල් ගැන කවර කතාද….?
නිවන් සුව