
ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන දරුණු ළැව් ගිනි හේතුවෙන්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, උප ජනාධිපතිනී කමලා හැරිස් ද ඔවුන්ගේ විදෙස් සංචාර අවලංගු කර ඇත.බයිඩන් මෙන්ම, හැරිස් ද ලබන ජනවරි 20 වැනිදා ඔවුන්ගේ ධුරවලට සමුදීමට නියමිතය. ඒ, නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙන බැවිනි.
බයිඩන් සිය අවසන් විදෙස් සංචාරය ලෙස රෝමයටත් වතිකානයටත් යෑමට සූදානමින් සිටියේය. කමලා හැරිස් සිය අවසන් විදෙස් සංචාරය ලෙස තෝරාගෙන තිබුණේ සිංගප්පූරුව, බහරේනය සහ ජර්මනියයි.
ඉවක් බවක් නොමැතිව පැතිරෙන ළැව් ගිනි හේතුවෙන් මේ වනවිට ලොස් ඇන්ජලීස් නගරයේ, අක්කර 28,000ක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ද පැවැසෙයි. වියලි සුළං ළැව් ගිනි පැතිර යෑමට හේතුවක් වී ඇත. ලොස් ඇන්ජලීස් නුවර ඉතිහාසයේ එරට පැතිර යන දරුණුතම ළැව් ගිනි තත්ත්වය මෙය යැයි පැවැසෙයි.
ළැව් ගිනි හේතුවෙන් ලොස් ඇන්ජලීස් නුවර වාතයේ ගුණාත්මකභාවය දරුණු ලෙස පහත වැටී ඇතැයි ද වාර්තා වේ. මෙය ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු ගුණත්වයට වඩා පහළ අගයක් ගැනීම විශේෂත්වයකි.
මේ වනවිට දරුණු ළැව් ගිනි 6 ක් ලොස් ඇන්ජලීස් නගරයේ ස්ථාන කීපයක ව්‍යාප්ත වන බවත් ළැව් ගිනිවලට හසුවීමෙන් පස් දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වාර්තා වේ. ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු ගණන 137,000 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ බලවතා.., ගින්න නිවාගන්න බැරි... සොබා දහමට උඩින් කාටවත් යන්න බැහැ...