IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බටහිර රටවල් රුසියාවට ගරු කළොත් ගැටුමක් නෑ

බටහිර රටවල් රුසියාවට ගරු කරන්නේ නම්, යළි කිසිම දිනෙක රුසියාව සහ වෙනත් යුරෝපා බටහිර රටක් අතරේ යුදමය තත්ත්වයක් හට නොගනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර ඇත.

රුසියන් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ වසර අවසානයේ සුපුරුදු පරිදි පවත්වන මාධ්‍ය හමුවට එක් වෙමින්, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. පිළිගත් විදෙස් මාධ්‍ය ආයතන කීපයක මාධ්‍යවේදීහු ද සුපුරුදු පරිදි මොස්කව් නුවර පැවැත්වුණු මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, රුසියාව යුරෝපා රටවල් සමඟ යුද්ධයක පැටළීමට උත්සාහ ගන්නා බවට බටහිර යුරෝපා රටවල් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් බීබීසී මාධ්‍යවේදියා ජනාධිපති පුටින්ගෙන් විමසීමක් කළ විට ඔහු පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

‘අපි කවුරුත් එකිනෙකාට ගරු කිරීම කළ යුතුයි. ලෝකය යහපත් තැනක් වෙන්නේ එවිටයි. යුරෝපා රටවල් රුසියාවට ගරු කරනවා නම්, එම රටවල්, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ නැති නම්, යුද්ධයක් හට ගැනීමට කිසිදු ඉඩක් නැහැ. රුසියාව ප්‍රහාරයක් එල්ල කරවි යැයි යුරෝපා රටවල් බියෙන් සිටිය යුතු නැහැ. ඒත් නේටෝ මහ ලේකම්වරයා පවා අප සතුරකු ලෙස සලකනවා. රුසියාවෙන් ප්‍රාහරක් එල්ල වේවි බියෙන් පසුවෙනවා. අප යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමන කළේ අපේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්. එය අපගේ අයිතියක්.’ යැයි රුසියන් ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත. ඒ, බීබීසී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

රුසියාව, සිය අසල්වැසියා වන යුක්රේනයට එරෙහිය හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලන බැවිනි. ‘නේටෝ’ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. මෙය යුද සන්ධානයකි. බටහිර රටවල් එක් වී නේටෝ සංවිධානය පිහිටුවා ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන නිසාය.

මේ වනවිට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සටන් විරාම සාම වැඩපිලිවෙළක් සකස් කර ඇත. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පුටින්ගෙන් ප්‍රශ්න කළ අතර පුටින් පිළිතුරු දුන්නේ, රුසියාවේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීත්වය තර්ජනයක් නොවන බව හැගෙන්නේ නම්, යුක්රේන ගැටුම එසැණින් අවසන් කිරීමට තමන් සූදානමින් සිටින බවය.



අදහස් (0)

බටහිර රටවල් රුසියාවට ගරු කළොත් ගැටුමක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site