යුක්රේනයේ ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට හෝ සෙසු බටහිර රටවලට, රුසියාවේ අදහස් විමසීමකින් තොරව, තනිව කිසිදු තීරණයක් ගැනීමට නොහැකි බව රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් පවසයි.
රුසියන් විදේශ අමාත්‍යවරයා මේ බව පැවැසුවේ, යුක්රේනයට ලබාදෙනආරක්ෂක සහතික පිළිබඳ විස්තර සාකච්ඡා කිරීම නේටෝ සාමාජික රටවල හමුදා ප්‍රධානීන් රැස්වෙද්දීය.
නේටෝ යනු යුද සන්ධානයකි. ඇමෙරිකාව ඇතුළු යුරෝපා බටහිර රටවල් මෙහි සාමාජිකයන්ය. නේටෝව පිහිටුවා ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමටය. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇත්තේ, යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අතරේ හමුවක් පැවැත්වීමට සූදානමක් පවතී. ඒ, එලැඹෙන සති දෙකක කාලය ඇතුළතදීය. එම හමුවේ මැදහත්කරු ලෙස කටයුතු කරනු ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
බටහිර රටවලට තනි තීරණ ගන්න බෑ