
දකුණු ඉන්දීය ලේඛිකා බානු මුස්‍තාක්, මෙවර ජාත්‍යන්තර බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ, ඇය කණ්ණඩ බසින් රචනා කරන ලද ‘හාට් ලෑම්ප්’ කෙටි කතා සංග්‍රහයේ ඉංග්‍රීසි පරිවර්තනය වෙනුවෙනි.
කණ්ණඩ බසින් රචනා වූ කෘතියක් ජාත්‍යන්තර බුකර් සම්මානයට පාත්‍ර වුණු පළමු අවස්ථාව මෙයයි.
මෙම කෘතිය, ‘හාට් ලෑම්ප්’ නමින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරනු ලැබ ඇත්තේ ඉන්දීය ලේඛිකා දීපා භාස්ති විසිනි.
විශිෂ්ටතම ප්‍රබන්ධ කෘති ඇගයීමට ලක් කරමින්, බුකර් සම්මාන පිරිනැමෙන්නේ ඉංග්‍රීසි බසින් රචිත නිර්මාණ වෙනුවෙනි.
සාහිත්‍ය ක්ෂේත්‍රයේ ‘නොබෙල් ත්‍යාගය’ යන නමින් හැඳින්වෙන්නේ ද බුකර් සම්මානයයි. ‘බුකර් සම්මානය’ සහ ‘ජාත්‍යන්තර බුකර් සම්මානය’ ආදී වශයෙන් බුකර් සම්මානය වර්ග දෙකකි.
විදෙස් භාෂාවලින් රචනා වන කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමෙන් පසු එම කෘති ඇගයීමට ලක් කරමින් පිරිනැමෙන්නේ
ජාත්‍යන්තර බුකර් සම්මානයයි. බුකර් සම්මානය සමඟ ලේඛිකා බානු මුස්‍තාක්ට, තෑගි වශයෙන් පවුම් 50,000 ක මුදලක් හිමිවිය.
1990 සිට 2023 දක්වා කාලයේ, බානු මුස්‍තාක් විසින් රචනා කෙටි කතා 12 ක් ‘හාට් ලෑම්ප්’ කෙටි කතා සංග්‍රහයට ඇතුළත් වෙයි.
දකුණු ඉන්දියාවේ, මුස්ලිම් කාන්තාවන්ගේ දුෂ්කරතා සංවේදී ලෙස ග්‍රහණය කර ගනිමින්, මුස්‍තාක්, සිය කෙටි කතා සංග්‍රහය රචනා කර ඇති බව බුකර් විනිශ්චය මණ්ඩලය පෙන්වා දී ඇත.
බානු මුස්‍තාක්, ලේඛිකාවක පමණක් නොව නීතීඥවරියක ද වන්නීය.
(බී.බී.සී.)
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
462
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බුකර් සම්මානය බානු මුස්‍තාක්ට