IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.

සිය වසරක සම්ප්‍රදාය වෙනස් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ කළ අවසන් ඉල්ලීමට අනුව උන් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව මිහිදන් කිරීම සිදුවිය.

රෝමයේ ප්‍රධාන දුම්රියපොළ අසළ, කම්කරු පන්තියේ ජනතාව වෙසෙන කලාපයක පිහිටි ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව සිය අවසන් ගිමන් ස්ථානය ලෙස තෝරාගැනීමෙන් ද පිළිබිඹු වන්නේ සමාජයේ සැලකිල්ලට භාජනය නොවූ මිනිසුන් කෙරෙහි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තුළ වූ අනුකම්පාව බව වතිකානය පවසා ඇත.

බිලියන 1.4ක ප්‍රජාවක නියෝජනය කරන කතෝලික පල්ලියේ ප්‍රධානියා වන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයේ කාසා සැන්ටා මාර්තාහි පිහිටි උන්වහන්සේගේ නිවහනේදී ස්වර්ගස්ථ වූයේ පසුගිය සඳුදා දිනයේය. උන්වහන්සේ 88 වැනි වියෙහි පසුවුණි.

පසුව උන්වහන්සේගේ දේහය මහජන බුහුමන් සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කෙරුණේ පසුගිය බදාදා සිටය. එතැන් පටන් දෙදිනක් දේහය පුරා දේහයට ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ඒ වෙත පැමිණියහ. කිලෝ මීටර් ගණන් දිගු පෝලිම් පැවැතිණි.

දේහයට ගෞරව දැක්වීමට ඊයේ (25) පස්වරු හයෙන් අවසන් වූ අතර, ඉන් අනතුරුව චාරිත්‍රානුකූලව උන් වහන්සේගේ දේහය මුද්‍රා තැබීමට සිදුවිය.

දේහය සම්බන්ධ අවමංගල කටයුතු අද (26) පෙරවරුවේ ආරම්භ වූයේ ශුද්ධෝත්තමයන් වහන්සේගේ දේහය ශාන්ත පීතර චතුරස්‍රයේ විවෘත භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුවය.

මෙතෙක් සිටි පාප්වරුන් වෙනුවෙන් පැවති වඩා චාම් මෙන්ම සරලවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල දිව්‍ය පූජා යාගය සියැසින් දැකගැනීමට ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ශාන්ත පීතර චතුරස්‍රය වෙත රැස්ව සිටියේය.

පැය දෙකකට ආසන්න කාලයක් පැවැති අවමංගල දේව මෙහෙය සිදුකෙරුණේ කාර්දිනල්වරුන්ගේ සංසදයේ ප්‍රධානී 91 හැවිරිදි ජියෝවානි බැටිස්ටා රේ කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉතාලි අගමැති ජෝර්ජියා මෙලොනි, යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ඇතුළු රාජ්‍ය නායකයින් අවමංගල්‍යයට පැමිණ සිටියහ. ඊට අමතරව බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු මෙන්ම ඇමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු සම්භාවනීයයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(බීබීසී)



අදහස් (0)

පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site