
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ධවල මන්දිරයට ඉහළින් ආරක්ෂිත ගුවන් කලාපයට කුඩා ගුවන් යානයක් ඇතුළු විය.
මෙම ගුවන් කලාපය සිවිල් ගුවන් යානාවලට තහනම් කර තිබේ. එම ගුවන් යානයට ආපසු හැරෙන්නැයි නියෝග කළත් යානයෙන් ප්‍රතිචාරයක් ලැබී නැත.
ඒ අනුව, යානයේ පියසැරි මඟ වෙනස් කිරීමට හෝ අවශ්‍ය වුවහොත් එය පහර දී බිම හෙලීමට ඇමෙරිකන් ගුවන් හමුදාවේ එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා, සැකකටයුතු යානය පසුපස ලුහුබැඳ ගියේය.
සැක යානය වර්ජීනියා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටී පිපිරී විනාශ විය. යානයේ කිසිවකු නොසිටි බව පොලිසිය සහ ගුවන් හමුදාව පසුව පැවැසුවේය.
(අල් ජසීරා)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.