IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ප්‍රංශ ජනපති නෝනාගේ සත්තම

වියට්නාමයේ නිල සංචාරයකට ගිය ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සම්බන්ධයෙන් පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය හැනොයි ගුවන්තොටුපොළට ගොඩබෑමෙන් පසු එහි දොර විවර වී, ජනාධිපතිවරයා ගුවන් යානයට සවි කරන පඩි පෙළ දිගේ පහළට බසින තුරු වියට්නාම් බලධාරීන්, මාධ්‍යවේදීහු ඇතුළු සියලු දෙනා දෑස් දල්වාගෙන සිටියහ.

යානයේ දොර විවර වෙද්දී කාන්තා අතක් තරවටු ස්වරූපයෙන් මැක්රොන්ගේ මුහුණ අල්ලා තල්ලු කරන බවක් පැහැදිලිව පෙනෙයි.

එය පහළ සිටින මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වෙද්දී, මැක්රොන් බොරු සිනාවක් ද ආරූඪ කරගනී. මේ සියල්ල කැමරාවලින් ලබා ගත් වීඩියෝ දසුන්වල අන්තර්ගතය.

මෙම තරවටු කිරීම සිදු කරනු ලබන්නේ ප්‍රංශ ජනාධිපති ආර්යාව බ්‍රිජෙත් විසිනි. පසුව දෙදෙනා ගුවන් යානයෙන් පහළට බසින අයුරු ද දකින්න ලැබේ. ප්‍රංශ ජනාධිපතිවරයා තමන්ගේ අත අල්ලා ගන්නැයි බිරිඳ බ්‍රිජෙත්ට ඉඟි කරන නමුත් ඇය එසේ කරන්නේ නැත.

මැක්රොන් සහ බිරිඳ අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇතැයි මාධ්‍ය වාර්තා කරන නමුත් මේ සම්බන්ධයෙන් ජනපති මැක්රොන් කිසිවක් පවසා නැත.



අදහස් (9)

ප්‍රංශ ජනපති නෝනාගේ සත්තම

Lankaputha Tuesday, 27 May 2025 06:49 AM

වයසක අය බැඳගත්තාම ඔහොම තමයි. හොඳ වැඩේ...

:       0       1

බකල ජයා Tuesday, 27 May 2025 07:08 AM

රාජ්‍ය තාන්ත්‍රික ගෘහස්ත හිංසනයේ ආරම්භය පාසල් කාලයේ පටන්...

:       0       0

Lalla Tuesday, 27 May 2025 07:59 AM

ජනපති සුද්දා වුනත් ගෑණුන්ට බයයි වගේ. මෙහෙ වගේම තමා.

:       0       0

ගුණරත්න Tuesday, 27 May 2025 08:31 AM

මැක්රෝන් ජනාධිපති නෝනාගේ සත්තම අපි දැක්කා, මම කල්පනා කරන්නේ එක මහත්තෙක් ගේ නෝනා, සොරි ඒ මහත්තයාගේ යාලුවා කිව්වා නෝනා නොවේ භාර්යාවෝ කියලා. භාර්යාව කවුද කියලා මේ රටේ මිනිස්සු දන්නේ නැහැ. එහෙම කෙනෙක් ඉන්නවාලු, ඒත් දැකලා නැහැ, වැම්පයර් එකෙක්වත්ද දන්නේ නැහැ...

:       0       1

ජිල්බු Tuesday, 27 May 2025 10:24 AM

ගුවන් යානය ඇතුලේ උනත් ඒක ගෘහස්ත හිංසනයම තමයි නේද ... මමනම් ගිහිල්ල වෙන රටක ජනාධිපති වෙනවා.

:       4       24

අරවින්ද මොණරවිල Tuesday, 27 May 2025 11:32 AM

ගෙදර ගෑනිව මට්ටු කර ගන්න බැහැ... නමුත් පුටින්ව මට්ටු කරන්න ට්‍රයි කරනවා මැක්‍රොන් ලොක්කා...!

:       0       1

Robert Tuesday, 27 May 2025 11:49 AM

මේ අර තමන්ට වඩා අවුරුදු 25ක් විතර වැඩිමල්, ඉස්කෝලේ ටීචර්ව බැඳපු හාදයා නේද? හපොයි..

:       0       0

Nandalal de Silva - France Tuesday, 27 May 2025 03:05 PM

ප්‍රංශ ජනාධිපති ආර්යාව, එමානුවෙල් මැක්‍රොන්ගෙ පාසැල් ගුරුවරියක් වූවාය. එනිසා දෙදෙනා අතර සෑහෙන වයස් පරතරයක්ද තිබෙන බව කිව යුතු නැත. එයා රටෙ ජනාධිපති හැටියට සේවය කලත්, බ්‍රිජිට් සිය සැමියාගේ අඩුපාඩුවක් හො වැරැද්දක් දුටුවිට එය ඔහුට පෙන්වා දීම තැන නොතැන බලා කරනවා. ගුවන් යානයේ දොරටුව අසල දී සිදුවුයේ එවැනි දෙයක් වෙන්න බැරිද ?ෙ

:       7       3

පිටිගල මිලානෝ Tuesday, 27 May 2025 03:17 PM

හැම ගෙදරකම මේ ආකාරයේ කචල් තියෙනවා. පවුල් ජීවිතය කියන්නේ මේකටයි.

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site