IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පිපිරුම ගැන මෝදි දැනුවත් කෙරේ

නවදිලිල් අගනුවර රතු බලකොටුව ආග්‍රිත කාර් බෝම්බ පිපිරීම සැලසුණු සැණින් තමන් මහත් සේ කම්පනයට පත්වුණැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමාජ මාධ්‍ය ඔස්සේ පැවැසීය.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පිපිරීම සිදුවුණු ස්ථානයට පැමිණි පොලිස් ප්‍රධානීන් හමුවී සිදුවුණේ කුමක්දැයි විමසා බැලුවේය. ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සියලු විස්තර එසැණින් දුරකතන ඇමතුම් ලබා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පැවැසූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එය ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ කුරිරු ප්‍රහාරයක් යැයි ඉන්දීය ආරක්ෂක අංශ අනුමාන කරන බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවැසීය.

නවදිල්ලියේ කාර් බෝම්බ පිපිරීම සිදුවීමට පැය කීපයකර පෙර, නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයට යාබද, උතුරු දෙසින් පිහිටි හර්යානා ප්‍රාන්තයේ ෆරීඩාබාද් නුවර කුලී නිවසකින් කිලෝ ග්‍රෑම 2,500 ක පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ තොගයක් සොයා ගැනීමට පොලිසියට හැකිවිය. ඒ බුද්ධි අංශ තොරතුරු අනුව යමින් කළ වැටලීමකිනි.

මෙම නිවසේ කුලියට නැවතී සිට ඇත්තේ, ජම්මු කාශ්මීරයේ පුල්වාමා හි පදිංචි වෛද්‍යවරයකු වන මුජම්මිල් ෂකීල් යැයි ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මොහු පාකිස්තානයට සහාය දක්වන ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයකු යැයි ද සැක කෙරේ. මුජම්මිල් ෂකීල්ට අමතරව, තවත් වෛද්‍යවරයකු ද අත්අඩංගුවට ගත් බව ද පැවැසෙයි. දිල්ලියේ පිපිරීම සිදුවූයේ කුලී නිවසේ වැටලීම හා ඊට අදාළ විමර්ශන පැවැත්වෙද්දීය.



අදහස් (1)

පිපිරුම ගැන මෝදි දැනුවත් කෙරේ

රනේ Tuesday, 11 November 2025 06:37 AM

මෝදි මහත්මයා, දැන්ම අනුර මහත්මයාව අනුගමනය කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 54 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site