ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක්, එලැඹෙන නොවැම්බර් මාසයේ නවදිල්ලි අගනනුවරදී පැවැත්වීමට නියමිතය.
ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කළේ, රුසියානු තානාපති ආරංචි මාර්ග උපුටා දක්වමිනි. ඉන්දියාව සමඟ වෙළෙඳ සබඳතා තර කර ගැනීමටත් ගෙවීම් ක්‍රම වැඩිදියුණු කරගැනීමටත්, වෙළෙඳ බාධා ඉවත් කර ගැනීමටත් පුටින් අපේක්ෂා කරන බව ද පැවසෙයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පසුගියදා සියයට 25 ක අතිරේක තීරු බදු පැනවීමක් කළේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නතර නොකිරීමට විරෝධය පළකිරීමක් ලෙසය. මෙය ඉන්දියාවේ දැඩි අප්‍රසාදයට හේතුවක් විය.
‘ඉන්දීය භාණ්ඩවලට අමෙරිකාවේ වෙළඳපොළට යවන්න බැරි නම් ඒවාට රුසියා වෙළෙඳපොළට එවන්න පුළුවන්’ යැයි රුසියානු රජය ඉන්දියාවට දැනුම් දී ඇතැයි ද පැවැසෙයි. ඉන්දියාවට වෙළෙඳ සම්බාධක පැනවීමේදී ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත අසාධාරණ බව රුසියාව පෙන්වා දී ඇත.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
පුටින් මෝදි හමුව නොවැම්බර් මාසයේ