
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමා කියන කිසිම දේකට කන් දෙන්නේ නැතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.
ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට පුටින් උනන්දුවක් නොදක්වන්නේ නම්, පුටින්ටත් රුසියාවමටත් එරෙහිව තව තවත් සම්බාධක පැනවීමට තමන්ට සිදුවනු ඇති බවය.
රුසියන් හමුදා සටන් විරාමයක් ගැන හෝ සාම වැඩපිළිවෙළක් ගැන හෝ උනන්දුවක් නොදක්වන බැවින්, යුක්රේනයට දිගින් දිගටම ඇමෙරිකාවෙන් යුධ ආධාර ලබා දීමක් සිදු කරන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.
වසර තුනකට වැඩි කාලයක් තිස්සේ ඔඩුදුවන රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට ට්‍රම්ප්ට අවශ්‍ය වී ඇති අතර, ට්‍රම්ප් ජනාධිපතිවරණයට පෙර, ඡන්ද රැලිවලදී කියා සිටියේ තමන් ජනාධිපති වූ සැණින් පැය 24 ක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවය. කෙසේ නමුත් එය තවමත් සාර්ථක වී නැත.
යුද්ධය නැවැත්වීම සම්බන්ධයෙන් සටන් විරාමයක් සහ සාම සැලැස්මකට යෑමට ඇමෙරිකාව මැදිහත් වී සිටින අතර, යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ පුටින් අතරේ අවස්ථා ගණනාවකදී දුරකතන සන්වාද පවා පැවැත්විණි. ඒ කිසිවක් මේ වනවිට සාර්ථක වී නැත.
‘රුසියන් ජනාධිපතිවරයා මට ඇමෙරිකාවට බොරු කියනවා. මට බොරු කියනවා. ඒකට මම කැමති නැහැ. යුද්ධය අවසන් කිරීමට ඍහුට උනන්දුවක් නැහැ. රුසියාවට තවත් සම්බාධක පැනවීම හැර වෙන කරන්න දෙයක් නැහැ.’ යැයි ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 16
39
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
835
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුටින් කියන දේ අහන්නේ නෑ