IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


නව කොවිඩ් ප්‍රභේදය දරුණුයි

චීනය, හොංකොං, තායිලන්තය, සිංගප්පූරුව සහ අසල්වැසි ඉන්දියාව ආදී ආසියානු රටවල, ‘කොවිඩ් 19’ වයිරසයේ නව ප්‍රභේදයක් ව්‍යාප්ත වීමත් සමඟ, යළිත් වරක් ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් ලොව පුරා භීතියක් හටගෙන ඇත.​

මෙම නව ‘කොවිඩ් 19’ ප්‍රභේදය, ‘ජේ.එන්.1’ යන නමින් නම් කර ඇති අතර, එය ‘ඔමික්‍රෝන් බී.ඒ. 2.8.6’ නමැති ‘කොවිඩ් 19’ වයිරසයේ දිගුවක් බව ද පැවැසෙයි.

‘ජේ.එන්. කොවිඩ් 19’ නිර්මාණය වී ඇත්තේ, එනිකෙනට වෙනස් විකෘති 30 මුසු වීමෙනි. මේ වනවිට මෙම නව ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. මෙම ප්‍රභේදය ඉතා වේගයෙන් ආසාදකය වන බවත්, ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට මෙය මාරක බවත් වෛද්‍යවරු පවසති.

සිංගප්පූරුවෙන් මේ වනවිට වයිරසය ආසාදිතයන් 11,000 කට වැඩි ගණනක් හමුවී ඇති අතර, හොංකොංවලින් හමුවුණු ආසාදිතයන් ගණන දහසකට වැඩිය. හොංකොංවලින් වාර්තා වන මරණ ගණන 30 කි.

තායිලන්තයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 21,000 ක් බවත්, එරටින් මරණ 19 ක් වාර්තා වන බවත් පැවැසෙයි. තායිලන්ත සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ, ප්‍රධාන ‘කොව්ඩි 19’ පොකුරු දෙකක් හේතුවෙන්, එරට වයිරසය ව්‍යාප්තිය සිදුවන බවය.

අසල්වැසි ඉන්දියාවෙන් ද නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් හමුවී ඇත. එයින් ආසාදිතයන් 257 දෙනකු හමුවී ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි.

මහරාෂ්ට ප්‍රාන්තයේ කොවිඩ් මරණ දෙකක් ද වාර්තා වෙයි. ඒ අනුව, නව ‘කොවිඩ් 19’ ‘ජේ.එන්.1’ ප්‍රභේදය ගැන තමන් දැඩි ලෙස විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසා ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

නව කොවිඩ් ප්‍රභේදය දරුණුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1258 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site