තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට තෝරා ගත් අනූතින්චාන් විරකුල්ට එරට රජුගේ අනුමැතිය හිමිවිය. ඒ අනුව, ඔහු නිල වශයෙන් අග්රාමාත්ය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.
තායිලන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ මහලේකම් ආපාත් සුඛානුන්ත්, නව අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරාගත් අනූතින් චාන්විරකුල්ට අනුමැතිය ලබා දුන් බව නිවේදනය කළේ බැංකොක් නුවර භූම්ජයිතායි පක්ෂ මූලස්ථානයේදීය.
අනූතින්චාන්විරකුල් තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයට තෝරා ගැනීම සිදුවූයේ, ඔහුට පෙර එම ධුරය දැරූ 38 හැවිරිදි පයෙතොංතාන් ෂිනවත්රා ධුරයෙන් ඉවත් කිරීමට අධිකරණය තීන්දු කළ බැවිනි. ඒ, තායිලන්ත කාම්බෝජ දේශසීමා අර්බුදය මුල්කොට ගනිමිනි.
පයෙතොංතාන් ෂිනවත්රා යනු තක්සින් ෂිනවාත්රාගේ දියණියයි. අග්‍රාමාත්‍ය ධුරයේ ආචාර ධර්ම නියම කඩ කිරීමේ වරදට පයෙතොංතාන්ට ධුරය අහිමිවිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නව අගමැතිට චාන්විරකුල්ට රජුගේ අනුමැතිය