
උතුරු කොරියාව දරුණු ගංවතුර තත්ත්වයකට සහ නානයෑම්වලට මුහුණ දුන් අතර, එම ජල ගැලීම් සහ නායයෑම් වළක්වා ගැනීමට අපොහාසත් වුණැයි දොස් නගමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්, උතුරු කොරියානු රජ්‍ය නිලධාරීන් 30 කට ආසන්න පිරිසකට මරණ දඩුවම ලබා දී තිබේ.
මේ බව අනාවරණය කර ඇත්තේ දකුණු කොරියානු මාධ්‍ය යැයි ද පැවැසෙයි. අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු කොරියානු වැසියන් 1,000 ක් මිය ගිය බව ද වාර්තා වේ.
උතුරු කොරියා නායකයාගේ අණින්, මරා දැමුණු එම රාජ්‍ය නිලධාරීන්ට ජල ගැලීම් සහ නායයෑම් සම්බන්ධයෙන් සොයා බලා ඒ ගැන කල්තියා ජනතාවට අනතුරු අඟවීමට පැවැරී තිබුණි. කෙසේ නමුත් ඔවුන් ඔවුන්ගේ රාජකාරි නිසි ලෙස සිදු නොකළ බවටත්, වගකීම් පැහැර හැරිය බවටත් චෝදනා එල්ල විය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිම් ජෝන් උම් සර්, මේ පාර ලංකාවේ ජනාධිපතිවරණයට තරඟ කරන්න බැරිද...?