
උසස් අධ්‍යාපන කටයුතුවල නියැලෙන බැවින්, නෝර්වේ ඉන්ග්‍රිඩ් ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය ඇගේ රාජකීය කටයුතුවලින් ඈත්වන බව නෝර්වේ රජ පවුල නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
21 හැවිරිදි ඉන්ග්‍රිඩ් ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය, නෝර්වේ රජ කිරුළට හිමිකම් කියන දෙවැනියාය. ඇය ඇගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවරට යෑමට නියමිතය. ඒ, ලබන අගෝස්තු මාසයේය.
නෝර්වේ රජ පවුල නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉන්ග්‍රිඩ් ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය, අගෝස්තු මාසයේ සිට සිඩ්නි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පිළිබඳ උපාධිය හැදෑරීමට නියමිත බවය. පූර්ණකාලීනව සිය අධ්‍යාපන කටයුතුවල නියැළෙන බැවින්, එම කාලය ඇතුළත, රාජකීය කටයුතුවලින් ඈත් වී සිටින බවත්, තමන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක නවාතැන් ගන්නා බවත් කුමරිය පැහැදිලි කර ඇත.
ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය තම විශ්ව විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය ලැබීම සම්බන්ධයෙන්, සිඩ්නි විශ්ව විද්‍යාලය සතුට පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)
.
2025 ඔක්තෝබර් මස 08
1343
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1259
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
460
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නෝර්වේ කුමරිය රාජකීය කටයුතුවලින් ඈත්වෙයි